தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
IMF, චීනයෙන් සහ බංගලාදේශයෙන් ඩොලර් මිලියන 1200ට ආසන්න ණය ගනියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

IMF, චීනයෙන් සහ බංගලාදේශයෙන් ඩොලර් මිලියන 1200ට ආසන්න ණය ගනියි



ශ්‍රී ලංකා සංචිත ශක්තිමත් කිරීමට රට තුළට ඩොලර් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල පවසා ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර බංග්ලාදේශ මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 150 ක් ශ්‍රී ලංකාව වෙත නිදහස් කර තිබේ.

චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලැබීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් SDR හෙවත් විශේෂ ආදාන හිමිකම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 780ක මුදලක් ලැබී ඇති අතර චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලෙස ලැබී ඇත.

අදාළ ණය මුදල සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ එම ණය ලැබීම හරහා විදේශ විනිමය වෙළඳ පොළේ ද්‍රවශීලතාවය සහ ස්ථාවරභාවය පවත්වාගෙන යාමට හැකියව ලැබෙනු ඇති බවයි.

බංගලාදේශ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 250 ක විනිමය හුවමාරු ණයක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව එකඟ වූ අතර එහි පළමු කොටස ලෙස මීට පෙර ඩොලර් මිලියන 50 ක් ලබා දී තිබිණි. ඒ අනුව මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් ලබා දී තිබේ.