தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
පාකිස්තාන ජනපතිට - අගමැතිට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාකිස්තාන ජනපතිට – අගමැතිට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම් !



පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන්ගේ පත්වීමත් සමග ඇතිකර තිබෙන වෙනස්කම් අතරට එරට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු රජයේ නිලධාරීන් ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තියේ ගමන් ගැනීම තහනම් කර තිබේග
පසුගියදා ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේග
එහිදී රජයේ ප‍්‍රතිබත්තියක් ලෙස, නායකයන්ට සහ නිලධාරීන්ට අභිමතය පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට එම කැබිනට් හමුවේදී තීරණය කරණ ලදී.
ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුදෙමින් රාජ්‍ය වියදම් සීමා කරන, අනවශ්‍ය වියදම් කපා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ප්‍රකාශ කළේයග ඔහු තම කාර්ය මණ්ඩලය අඩු කරන බවට ද ප්‍රකාශ කර ඇති අතර නිල නිවාසවල සිටීම ද ප්‍රතික්ෂේප කර තිබේ.
එවැනි නිල නිවාස අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කරන බව ද නව අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.