Posted on 06.17.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
(TopNews) ඉදිරියේදී ශ්රී ලංකාවට තෙල් ලබා දීම සඳහා ඉන්දියාවේ අපනයන-ආනයන බැංකුව (EXIM බැංකුව) ශ්රී ලංකා රජයෙන් ඇපකරයක් ඉල්ලා සිටින බව වාර්තා වේ. ඉන්දීය ණය පහසුකම යටතේ පවතින අවසන් ඉන්ධන නෞකාව ඩීසල් ටොන් 40,000ක් රැගෙන ඊයේ කොළඹට පැමිණි අතර, මෙයින් ඉන්දීය ණය පහසුකම අවසන් විය.
ඒ අනුව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා ඉන්දීය ණය මාර්ගයක් ලබා දෙන ලෙස ශ්රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් ඉල්ලා ඇති අතර, පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව ඩොලර් මිලියන 700 ක වටිනාකමකින් යුත් ඉන්ධන ශ්රී ලංකාවට ලබා දී ඇති නමුත් ශ්රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන තව දුරටත් ඉන්දියාවෙන් ණය මාර්ගයක් ලබාදීමට නම් ඒ වෙනුවෙන් වූ ඇපයක් ලබා දිය යුතු බවට දන්වා ඇත.