தமிழ்
English
Contact
Friday 16th November 2018    
වී ගොවින්ට වින කළ IRRI නියෝජිතයෝ ජනාධිපති සමග සාකච්ඡාවක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වී ගොවින්ට වින කළ IRRI නියෝජිතයෝ ජනාධිපති සමග සාකච්ඡාවක!



අාසියානු ගොවි ජනතාවට වඩාත් හානි පැමිණවූ ‘හරිත විප්ලවය’ නමැති විනාශකාරී ක්‍රියාවලියට මග පෑදු අායතනයක් ලෙස චෝදනා ලත් IRRI හෙවත් ‘ජාත්‍යන්තර සහල් පර්යේෂණ අායතනය’ට අයත් නියෝජිත පිරිසක් ඊයේ(19) ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන හමුවී තිබේ.

1960 වසරේ ඒක්සත් ජනපදයේ ෆෝඩ්, සහ රොකෆෙලර් යන අායතනවල මූලිකත්වයෙන් පිලිපීනයේ මැනිලා අගනුවරදී අාරම්භ කරන ලද මෙම අායතනය විසින් සිය ප්‍රමුක කාර්ය ලෙස ඉන්දියාව කේන්ද්‍ර කරගත් වී ගොවිතැන තාක්ෂනික කර්මාන්තයක් බවට පත් කිරීමට පියවර ගන්නා ලදී. ඉන්දියාවට සමාන්තරව ලංකාවේද මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණි. ඒහිදී සාම්ප්‍රදායික ගොවිතැනේ පාරිසරික හා මනුෂ්‍ය හිතකාමී පිළිවෙත් සමතලා කරමින් රසායනික කෘෂි කර්මාන්තයක් ස්ථාපිත කරන්නට මෙම අායතනය කටයුතු කර තිබේ.

ලංකාවේ කාලගුණ අාපදා නිසා පීඩා විදින ගොයවි ජනතාවට චන්ද්‍රිකා තාක්ෂනයේ සහාය ලබා දෙන්නට හැකි බව IRRI සභාපතිවරයා පවසා තිබිණි. ඒම ප්‍රකාශයන් කුමක් වුවද ඒම අායතනයෙ අතීත ක්‍රියාදාමය අනුව ලංකාවේ ක්‍රියාකාරිත්වය පිළිබද අනාවැකි කියන්නට හැකියාවක් තිබේ. ලංකාවේ කෘෂිකර්මාන්තය, වාණිජ අරමුනු සහිත සමාගම්වලට ලාභ ඉපයීම සදහා විවෘත කිරීමටත් ව්‍යාපාරික අායොජන මැදිහත් කිරීමෙන්  ප්‍රතිසංස්කරණවලට යොමු කිරීමේ අරමුනින් අාණ්ඩුව විසින් නීති හදුන්වාදීම පසුගිය කාලය පුරා සිදු විය. ඒ් අනුව, ඉඩම් ප්‍රතිසංස්කරණ, බීජ පනත සහ ගංගා ද්‍රෝණි කලමණාකරණ පනත සම්මත කරන ලදී. මෙම පසුබිම තුළ IRRI නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවන්නේ ඒම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවකට බව පැහැදිලිය.