தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ISIS ව්‍යාපාරයට සම්බන්ධ සමාජ මාධ්‍ය සමූහයක් ගැන විමර්ශන අරඹයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ISIS ව්‍යාපාරයට සම්බන්ධ සමාජ මාධ්‍ය සමූහයක් ගැන විමර්ශන අරඹයි!



ලංකාවේ ක්‍රියාකාරී බවට සැකකරන ISIS අන්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සමාජ මාධ්‍ය කණ්ඩායමක් සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් පොලිස් ඔත්තු සේවාව විසින් මෙම විමර්ශනය සිදු කරන බවද ‘මෙම කණ්ඩායම සම්බන්ධයෙන් හුවමාරුවන අනතුරු ඇඟවීමක් ‘ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවද දැනගන්නට ඇත.

එම අනතුරු ඇඟවීමට අනුව ‘Interschool’ නමින් WhatsApp සමූහයක් තමන් හා සම්බන්ධවන ලෙස ඇරයුම් කරන බවද එසේ එම සමූහය හා සම්බන්ධ වූවන්ට ඉන් ඉවත්වීමේ හැකියාවක් නොමැති වන බවද දක්වා ඇත.

මේ අනුව, මෙවැනි සමාජ මාධ්‍ය ක්‍රියාදාමයක් පවතින්නේද සහ ඒ් හා සම්බන්ධ වගකිවයුත්තන් දේශීය වශයෙන් හඳුනාගැනීමට පොලිස් විමර්ශනයක් සිදුවන බව බස්නාහිර පළාතේ පොලිස් ඔත්තු සේවාවට උපදෙස් දී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.