தமிழ்
English
Contact
Friday 16th November 2018    
අයිවෝ ඩෙනිස් ගායනයේ කටහඩ සදහටම නිහඩ වෙයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයිවෝ ඩෙනිස් ගායනයේ කටහඩ සදහටම නිහඩ වෙයි !



ප්‍රවීණතම සංගීත ශිල්පියකු හා ගායකයකු වූ අයිවෝ ඩෙනිස් අද(18) සවස අභාවයට පත් විය.

දේශීය සංගීත අාරක් වෙනුවෙන් හුදෙක් රාගදාරි සංගිතයට යට නොවී බටහිර සංගීත සම්ප්‍රදායන්ද සමග ගමන් ගනිමින් සුනිල් ශාන්ත ශූරින් බිහි කළ සංගීත කලාව පෙරට ගෙන යන්නට ශිල්පී අයිවෝ ඩෙනිස් විශාල වෙහෙසක් ගත්තේය. ඒම හඩ පෞරුෂයේ විශේෂත්වය නිසා  අයිවෝ ඩෙනිස් සිය ගායන වෘන්දයට විශේෂයෙන් ඒකතු කරගත් බව සංගීතඥ ප්‍රේමසිරි කේමදාස පවා පවසා අැත.

86 වැනි  වියේ පසු වූ ඔහු  කෙටි කලක් අසනීප තත්ත්වයෙන් සිටියෙය්.  සීදුවේ පිහිටි සිය නිවසසේදී අභාවප්‍රාප්ත වූ ඔහුගේ අවසන් කටයුතු පිළිබද ඉදිරියේදී දැනුම් දෙන්නට නියමිතය.