தமிழ்
English
Contact
Thursday 21st June 2018    
ගම්මන්පිලගේ අභියෝගයට මුහුණ දීමට ජ.වි.පෙ. නායකයා වෙනුවට විජිත! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගම්මන්පිලගේ අභියෝගයට මුහුණ දීමට ජ.වි.පෙ. නායකයා වෙනුවට විජිත!



ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද 20 වැනි අාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සදහා කෙටුම්පත් යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ජනතා විමුක්ති පෙරමුණ විසින් විජිත හේරත් සහ නලින් හේවගේ නම් කර තිබේ.

‘හිරු ටීවී’ නාලිකාවේ ‘සලකුණ’ වැඩසටහනට සම්බන්ධ වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පැවසුවේ තමන් ඒම අභියෝගය බාරගන්නා බවය. ඒහිදී විවාදයට ඒන්නේද යන්න ජ.වි.පෙ. නායකයාගෙන් විමසා සිටි විට ඒය පක්ෂයේ තීරණයක් වන බවද පවසා පසුව තමන් පැමිණෙන බවද ප්‍රකාශ කරන ලදී. පසුව විපක්ෂය වෙනුවෙන් ගම්මන්පිල සහ විමල් වීරවංශ සහභාගිවන බවට හිරු නාලිකාව ප්‍රචාරය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඒම පක්ෂය නම්කර අැත්තේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ නලින් හේවගේ නමැති පලාත් සභා මන්ත්‍රිවරයාය.