தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
"තෙල් මිල අඩුකරනු - ධනකුවේරයන්ට බදු ගසනු!" කී නිසා 10ක් අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“තෙල් මිල අඩුකරනු – ධනකුවේරයන්ට බදු ගසනු!” කී නිසා 10ක් අත්අඩංගුවට!



(Update) ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීමෙන් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද(7) කලුතර පැවැත්වූ විරෝධතාවයේදී පෙ.ස.ප. ක්‍රියාකාරින් ඇතුළු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

“තෙල් මිල අඩුකරනු – ධනකුවේරයන්ට බදු ගසනු!” යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට පුරා පැවැත්වෙන විරෝධතා මාලාවේ අංගයක් ලෙස කලුතර දිස්ත්‍රික් විරෝධතාවයේදී මෙසේ විරෝධතාකරුවන් 10 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන, රොෂාන්ත කරුණාතිලක, චන්දන ප්‍රනාන්දු, යසිත් චන්දිම, දර්ශන චන්ද්‍රසේකර, කවිඳු ප්‍රභාෂ්, සුජිත් ප්‍රසන්න, නිහාල් තොටගමුව, කිංස්ලි රොද්‍රිගු, ප්‍රියන්ත ගුණරත්න යන අය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.