தமிழ்
English
Contact
Friday 1st July 2022    
ජනතාව කලබල කරන්නෙ නැතුව පැය ගණන් පෝළිමේ ඉන්නවා දේශපාලන පක්ෂ තමයි අර්බුදය ඇති කරන්නේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතාව කලබල කරන්නෙ නැතුව පැය ගණන් පෝළිමේ ඉන්නවා දේශපාලන පක්ෂ තමයි අර්බුදය ඇති කරන්නේ



ඉන්ධන අර්බුදය තේරුම් ගනිමින් ජනතාව කලබල කිරීමකින් තොරව, පැය ගණන් පෝළිමේ ඉවසීමෙන් සිටින බවත්, යම් දේශපාලන කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව අර්බුද ඇති කිරීමට කටයුතු කරන බවත්, ඩීසල්, භූමිතෙල් නොමැති නම් උද්ඝෝෂණ සඳහා පන්දම් පත්තු කරන්න තෙල් කොහෙන්ද යන්න ගැටළු ස හගත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර මෙසේ අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

මට බලශක්ති අමාත්‍යවරයා විදියට තියෙන්නේ ඉන්ධන බෙදාහැරීමේ කටයුත්තත් ඒක අඛණ්ඩව සිදු කරනවා. විවිධ තැන්වල ගැටුම් ඇතිවෙලා තියෙනවා. සමහර තැන්වල වැරදි පාර්ශවය කවුද කියල මට නිරීක්ෂණය කරන්න බැහැ. මට නිගමනය කිරීම සඳහා අයිතියකුත් නැහැ. ඒ සඳහා කටයුතු කිරීමට වෙනමම දෙපාර්තමේන්තු තියෙනවා. ඒ සඳහා කටයුතු කරන පිරිස් ඉන්නවා. ඒ නිසා මගේ විෂය පථයෙන් එහාට ගිහිල්ල මට කටයුතු කිරීමට හැකියාවක් නැහැ. මට කියන්න තියෙන්නෙ අපි කළින් කියපු සැලසුමට අඛණ්ඩව තෙල් ලබාදීම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අනවශ්‍ය ගැටුම් මොන පැත්තෙන්වත් ඇති නොකරගෙන, කලබලයන් ඇති කරගැනීම කියන එක අපිට වළක්වන්න බෑ. හැබැයි සංවිධානාත්මක කණ්ඩායම් ඉන්නව කියල පේනවා. සංවිධානාත්මක කණ්ඩායම් ඔබතුමන්ලම නිරීක්ෂණය කරන්න.

දැන් ඊයේ රාත්‍රී මම දැක්කා කොට්ටාව ප්‍රදේශයේ යම් කිසි දේශපාලන කණ්ඩායමක් උද්ඝෝෂණයක් කරනවා. මාධ්‍යයෙනුත් මේක වාර්තා කළා. ඒ උද්ඝෝෂණය කරන සියලුදෙනා අතේ තිබුණේ පන්දමක් සහ පන්දම පත්තු කරල තිබ්බේ. දැන් මේ රටේ තියෙන බරපතල ප්‍රශ්නය මොකද්ද? ඉන්ධන ප්‍රශ්නය. ඉන්ධන නැහැ කියල උද්ඝෝෂණය කරන්නේ. භූමිතෙල් නෑ කියල උද්ඝෝෂණය කරන්නේ. ඩීසල් නෑ කියල උද්ඝෝෂණය කරන්නේ.මට ප්‍රශ්නෙ තියෙන්නේ පන්දම් පත්තු කරන්න කොහෙන්ද තෙල් ගත්තෙ කියලා.

මේ එක දේශපාලන කණ්ඩායමක්. කෙළින්ම එක දේශපාලන කණ්ඩායමක් මේක පිටිපස්සෙ ඉන්නේ. ඒ කරන සටන් පාඨ, ඒ කරන ආකාරය, ජනතාව පෙළගැස්වීම. මේ ආයෙ මැයි 09වෙනිදා මේ රටේ ඇති කරපු ඒ ත්‍රස්තවාදය දියත් කිරීම සඳහා අපිට පේනවා මේ 20, 21, 22, 23, 24, 25 කියන කාලේ ඇතුළේ අර ජුලි මාසේ කළු ජුලිය ජුනි මාසෙ කරන්න හදනවද කියල පේනවා. ඒ නිසා මේක අපි තේරුම් ගන්න ඕනේ.

දැන් මාධ්‍යයෙන් ඔබ වාර්තා කරනවා ඉන්ධන නැති හින්දා ඉන්ධන අර්බුදයක් හින්ද උද්ඝෝෂණය කරනව කියලා පන්දම් පත්තු කරගෙන තියෙන ඉන්ධනවලින්. මේ රටේ ඉන්ධන අර්බුදයක් නම් තියෙන්නේ, භූමිතෙල් අර්බුදයක් නම් තියෙන්නේ, ඪීසල් අර්බුදයක් නම් තියෙන්නේ එතකොට ඔබ හිතන්න කොහෙද මේ ගොඩගැහිල තියෙන්නෙ කියල ඉන්ධන පන්දම් පත්තු කරන්න. අපේ ගෙවල් පුච්චන්න ගෙනාවෙත් ඔය ඉන්ධන ටිකම තමයි. කෑන් උස්සගෙන ආවේ. ඒ නිසා මේ කණ්ඩායමක් සංවිධානාත්මකව මේ කටයුත්ත කරනවා.

මම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ පොලිසිය වෙන්න පුළුවන්, ආණ්ඩුව වෙන්න පුළුවන් ඒ විවේචනය කරන්න. කමක් නෑ. හැබැයි මේ පිරවුම්හල්වලට ගිහිල්ලා අර්බුද ඇතිකරන කන්ඩායම සමහරවිට තෙල් ලබාගන්න ඉන්න කට්ටිය නෙමෙයි. අර්බුද ඇතිකරන කන්ඩායම වෙනත් දේශපාලන මතයක් නියෝජනය කරන පිරිස්. මේ රටේ අපි දේශපාලනය කිරීමේ නිදහස තියෙනවා. ඒක මැතිවරණයකදි ඕනෙම තීරණයක් අරගනෙ තියෙන ආණ්ඩුව වට්ටන්න, අපිට ඡන්දෙ නොදී ඉන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ.

හැබැයි අපි ඉල්ලීමක් කරනවා. මේ අර්බුදය තේරුම් ගන්න. මේ අර්බුදය අපි තවතවත් දියුණු කිරීමද කළ යුත්තේ, අර්බුදය නිමා කිරීමට ද? අපි මේ තනතුරු බලාදෙන ඉන්නෙ නෑ. මේ වගකීම අරගෙන කරන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න. මේ අර්බුදය පාවිච්චි කරන්න එපා කියල විතරයි අපි ඉල්ලන්නේ.

ජනතාව කලබල කරන්නෙ නැතුව පෝළිමේ කොච්චර ඉන්නවද කියල බලන්න. කලබල කරන්නෙ නැතුව. පැය ගණන් පෝළිමේ ඉන්නවා කළබල කරන්නෙ නැතුව. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නෙ මේකෙ අනික් පැත්තත් බලන්න. කවුරුවත් පාරට ඇවිල්ල උද්ඝෝෂණය කළයි කියල මේ රටට ඩොලර් එන්නෙත් නෑ. එන විදේශිකයෝ ටිකත් නවතිනවා. එන්න තියෙන මාර්ගත් අවහිර වෙනවා. අපේ රටේ ප්‍රශ්නය තව දියුණු වෙනව ඇරෙන්න මේක අපිට විසඳගන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.

මම ඛණිජ තෙල් ඇමතිවරයා විදියට දැක්කෙ පන්දම්වලට කොහෙන්ද භූමිතෙල් ටිකයි ඩීසල් ටිකයි හොයා ගත්තෙ කියලා. අපරාදෙනෙ පන්දම් පත්තු කලේ කියලා. පන්දම් පත්තු කරල උද්ඝෝෂණය කරන්නේ දවල් වරුවෙ කරන්න තිබ්බනෙ උද්ඝෝෂණය.




Related News