தமிழ்
English
Contact
Thursday 21st June 2018    
අයනස්කෝගේ 'තට්ට ගායිකාව' කෘතිය සිංහල පාඨකයන්ට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයනස්කෝගේ ‘තට්ට ගායිකාව’ කෘතිය සිංහල පාඨකයන්ට



සුප්‍රකට නාට්‍යකරු අයනස්කෝගේ The Bald Soprano නාට්‍යයෙහි සිංහල අනුවර්තනයක් වන ‘තට්ට ගායිකාව’ කෘතිය, සැප්තැම්බර් 02 වැනි සෙනසුරාදා, පස්වරු 3.00ට, කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.ස්ටාර් ප්ලස් ප්‍රකාශනයක් වන මෙම කෘතිය කංචුකා ධර්මසිරි සහ ලොහාන් ගුණවීර එක් ව සිංහල බසට නගා ඇත.
ජනගත කිරීම අවස්ථාවේ අදහස් දැක්වීමෙන් දායක වන්නේ මහාචාර්ය අශෝක ද සොයිසා, ප්‍රවීණ ඡායාරූපවේදී හේමන්ත අරුණසිරි, මහාචාර්ය සිවමෝහන් සුමදි සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසිනි.