தமிழ்
English
Contact
Saturday 18th August 2018    
නෙවිල්ගේ සයිටම් ගහෙන් වැටී කොතලාවල වෛද්‍ය පීඨයට ගිය සිසුන්ට ආණ්ඩුවේ ගොනා අනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නෙවිල්ගේ සයිටම් ගහෙන් වැටී කොතලාවල වෛද්‍ය පීඨයට ගිය සිසුන්ට ආණ්ඩුවේ ගොනා අනී!



මුදලට වෛද්‍ය උපාධි පිරිනමන බවට බොරු පොරොන්දු දුන් නෙවිල් ප්‍රනාන්දුගේ උගුලේ සිටි සයිටම් වෛද්‍ය ශිෂ්‍යෙයා් ආණ්ඩුවේ කීම පිට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට ඇතුළත් වන්නේ නම් මිලියන 6ක් ගෙවිය යුතු බව සිසු මව්පියෝ මැසිවිලි නගති.

KDU සම්මුඛ පරික්ෂණයේදී මව්පියන්ට දන්වා ඇත්තේ වෛද්‍ය විද්‍යා පාඨමාලාවට අදාළ පළමු වාරිකය ලෙස රුපියල් 680,000ක් ගෙවිය යුතු බවය. සෑම වසරකම පළමු වාරිකය නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවිය යුතු බවද අගෝස්තු 7 වැනිදා දේශන ආරම්භයේදී සහභාගි වන්නට නම් ඉන් පෙරදා පාඨමාලා ගාස්තු ගෙවා ලියාපදිංචි විය යුතු බවද කොතලාවල වෛද්‍ය පීඨ බලධාරින් සයිටම් ආයතනයෙන් ඉවත් කළ ශිෂ්‍යයන්ට දන්වා ඇත. වෛද්‍ය විද්‍යා පාඨමාලාවේ වාර්ෂික ගාස්තුව රු.136,000ක් බව ද ඒ අනුව සමස්ත වියදම මිලියන 6ක් බව එහිදී වාචිකව දැනුම් දී ඇත. එසේම පුස්තකාලය සදහා රු.6000ක්, මිලිටරි නිල ඇදුමසදහා රු. 35,000ක් සහ දිනපොත සදහා රු. 2000ක්  ගෙවන්නට සිදුව ඇත.

මේ අනුව KDU වෙත ඇතුළත්වන්නට සම්මුඛ පරික්ෂනවලට කැදවූ සිසු මව්පියන්ගෙන් වසරක  නෙවිල් ප්‍රනාන්දුගේ ව්‍යාජ වෛද්‍ය උපාධි කඩය නිසා රැවටී වසර ගනනක් පීඩා විදි ශිෂ්‍ය ශිස්‍යාවන්ට තම ජීවිතයෙන් වසර ගණනාවක් අහිමි කර ඇත. අධ්‍යාපනය විකිණීමේ පිළිවෙතක සිටින ආණ්ඩුවට එරෙහිව අරගල කර සයිටම් ආයතනය වසා දැමීමේදී ශිෂ්‍ය ව්‍යාපාරය සිටි ස්ථාවරය වූයේ මෙම සයිටම් ශිෂ්‍යයන්ගේ සුදුසුකම් අනුව ඔවුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් කළ යුතු බවයි. එහෙත් එය බලදාරින්ගේ මෙන්ම සයිටම් ශිෂ්‍යයන්ගේද අවධානයට ලක් නොවීය. ඔවුන්ට සයිටම් ආයතනයට වැය කළ මුදලත් අහිමිව තිබියදී කොතලාවල පීඨයට යළිත් ගෙවන ලෙස දැනුම්දීම ‘ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වැනිය‘ යන කියමන සිහිපත් කරයි.