தமிழ்
English
Contact
Tuesday 22nd May 2018    
මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමෙරිකානු සමාගමට විකිණීමට එරෙහිව සේවකයින් වර්ජනයට සැරසේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමෙරිකානු සමාගමට විකිණීමට එරෙහිව සේවකයින් වර්ජනයට සැරසේ



ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව එම දෙපාර්තමේන්තුව සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙන බව රජයේ මිනින්දෝරු සංගමය පවසයි.

ආණ්ඩුවේ මෙම අත්තනෝමතික විකුණා දැමීමට එරෙහිව මේ වනවිටත් මිනින්දෝරු දෙපාර්තමේන්තු සේවකයින් අභ්‍යන්තර වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන බවත් එළඹෙන 8වන දා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවත් රජයේ මිනින්දෝරු සංගමය වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.

මින් පෙර අවස්ථා කිහිපයකදීම මෙම උත්සාහයට එරෙහිව සේවකයින් සිය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබුණද අදාළ විරෝධයන් නොතකමින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය කෙසේ හෝ ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් ඇති බව පැහැදිලි වේ.