தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
ලංකාවේ බැංකු අවදානමක - ‘මූඩි‘ කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ බැංකු අවදානමක – ‘මූඩි‘ කියයි



ලංකාවේ බැංකු හරහා ආණ්ඩුව ණය ගැනීම නිසා එම බැංකු අවදානම් සහගත තත්වයකට පත්ව ඇතැයි ‘මුඩිගේ ආයෝජන සේවා‘ නමැති ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂක ආයතනය අනතුරු අගවා ඇත.

එම ආයතනය පෙන්වා දෙන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ බැංකු හරහා ණය ගැනීම දිගින් දිගටම සිදුකළ නිසා නිකුත් කරණ ලද ණය පරිණත වීමේදී විශාල අර්බුදකාරී තත්වයක් උද්ගත වනු ඇති බවයි. විශේෂයෙන්ම ඉදිරි මාස 12 සිට 18 දක්වා මෙම අවදානම වර්ධනය විය හැකි බව එම විශ්ලේෂක වාර්තාව හෙළිකරයි. එම විශ්ලේෂණ ආයතනය විසින් නිකුත් කළ විශේෂ වාර්තාවක් “Banking System Outlook: Sri Lankan banks, Macroeconomic risks and deteriorating asset quality drive negative outlook”නමින් පළ කර ඇති අතර එහි ලංකාවේ ආර්ථික අර්බුදය තුළ බැංකු පද්ධතිය මුහුණ දී ඇති අවදානම පිළිබද සාධක සහිතව අනාවරණය කර ඇත.

මේ වනවිට ලංකාවේ මුල්‍ය සමාගම් අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව ‘ඊටීඅයි“ වැනි ආයතන මුහුණ දෙන අර්බුදයෙන් පැහැදිලි වෙයි. ඒ අතරට ආණ්ඩුව විසින් ණය ගැනීමෙන් මෙරට බැංකු මුහුණ දෙන තත්වය වහා විශ්ලේෂණය කර පිිළියම් යෙදිය යුතු බව බැංකු ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන්ගේ අනාවැකියක් වී ඇත.




Related News