தமிழ்
English
Contact
Thursday 21st March 2019    
මානව හිමිකම් සමුලුවට සහභාගිවන්නට රජයේ නියෝජිතයෝ ජිනීවා යති ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානව හිමිකම් සමුලුවට සහභාගිවන්නට රජයේ නියෝජිතයෝ ජිනීවා යති !



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා ලංකා රජයේ නියෝජිත පිරිස අද (19) ජිනීවා වෙත පිටත්ව ගිය බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම  සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා ඇතුළු පිරිසක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගිවන්නට ජිනීවා බලා පිටත්ව ගියහ. එම නියෝජිත පිරිසට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මණ්ඩලයක්ද අයත් විය. සැසිවාරය පසුගිය පෙබරවාරි මස 26 වනදා ආරම්භ වූ අතර එය මාර්තු මස 23 අවසන් වන්නට නියමිතය. මාර්තු 21 වැනිදා ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් සකස් කළ විශේෂ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිතය. පසුගියදා විශ්ව සමාලෝචන වාර්තාව යටතේ ලංකාව පිළිබද කරුණු ඉදිරිපත් කළ මානව හිමිකම් කොමසාරිස්වරයා පවසා සිටියේ මෙරට වගවීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමක් කළ යුතු බවයි. විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව අද දිනයේ සම්මත කර ගැනිමට නියමිතය. කෙසේවෙතත් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ද සමුලුවාරයේදී අදහස්  දැක්වීමට නියමිතව තිබේ.