தமிழ்
English
Contact
Friday 20th July 2018    
ලාංකික කාන්තාවන් හා දැරියන් ඇෆ්ගනිස්ථානයේ, ඉන්දියාවේ සහ මැද ‌පෙරදිග ලිංගික වහල් ‌සේවයේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලාංකික කාන්තාවන් හා දැරියන් ඇෆ්ගනිස්ථානයේ, ඉන්දියාවේ සහ මැද ‌පෙරදිග ලිංගික වහල් ‌සේවයේ!



ලංකාවෙන් කාන්තාවන් හා දැරියන් බලහත්කාරයෙන් ‌ගෙන ‌ගොස් ලිංගික වහලියන් ‌ලෙස ‌යොදාගන්නා බව ඒක්සත් ජනපද රාජ්‍ය ‌දෙපාර්තමේන්තුව විසින් සකස්කර ඇති ‘මිනිස් ජාවාරම පිළිබද 2018 වාර්තාව’ ‌පෙන්වා ‌දෙයි.

රැකියා සදහා ‌හෝ ‌වෙනත් ‌හේතු නිසා විදේශගතවන කාන්තාවන් පමණක් ‌ෙනොව, විවිධ ආකාරයෙන් ඒටින් පිටමං කරගන්නා කාන්තාවන් හා බාල වයස්කාර දැරියන් ‌ෙමෙසේ ලිංගික වහල්භාවයට ඇද දමන්නේ ඒක්සක් ජනපද විසින් පිහිටුවන ලද ආණ්ඩුවක ඇති ඇෆ්ගනිස්ථානයේ සහ අසල්වැසි ඉන්දියාවේ බව ඒම වාර්තාව අනාවරණය කරයි. ඒක්සත් ජනපද රාජ්‍ය ‌දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම සම්බන්ධ ‌නිලධාරියා ‌ලෙස කටයුතු කරන මයික් ‌පොම්පෙයො විසින් ‌මෙම වාර්තාව ඉදිරිපත් කරමින් පවසන්නේ ලංකාව, පිලිපීනය, පාකිස්තානය, ඉන්දියාව, ඉරානය, ටජිකිස්තානය සහ චීනය වැනි රටවල දැරියන් හා කාන්තාවන් ඇෆගනිස්තානයේ ලිංගික ශ්‍රමිකයන් බවට පත්කරන ජාවාරමක් ඇති බවයි. ඉහළ වැටුප් මට්ටම් සහිත රැකියා ‌ෙදෙන බවට ‌පොරොන්දු ‌දෙමින් රැකියා ‌සොයන කාන්තාවන් තැරැව්කරුවන් ලවා ‌ගෙන්වාගෙන බලහත්කාරයෙන් ‌මෙම ලිංගික වහල් ජාවාරමට ‌යොදවන බව ඒහි සදහන් ‌වේ. විශේසයෙන් ලංකාවේ සරණාගත තමිල් කාන්තාවන්ද ‌රෝහින්යා සරණාගත මුස්ලිම් කාන්තාවන්ද ඉන්දියාවේදී ලිංගික වහල්භාවයට තල්ලු ‌කෙරෙන බව ඒහි දැක්වේ. ඒසේම ලංකාවේ සිට විදේශ ‌සේවය සදහා යැයි දක්වා ‌ගෙන්වා ගන්නා කාන්තාවන්ට සයිප්‍රස්, මාාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය ඇතුලු රටවලදී ලිිංගික ශ්‍රමිකයන් ‌ලෙස ‌සේවය කරන්නට සිදුවේ.

ඒපමණක් ‌ෙනොව පිළිගත් ඒ්ජන්සි හරහා විදේශ ‌ෙසේවයට යන කාන්තාවන් පවා සිය හාම්පුතුන්ගේ හිරිහැර නිසා නිවසින් පළා යන අවස්ථාවල එඔවුන්ට පිහිට වන ආකාරයෙන් මැදිහත්වී මේ ආකාර‌ෙයේ ලිංගික වහලියන් බවට  පත් කරන බවද ප්‍රසිද්ධ කාරණයකි. ඒක්සත් ජනපද වාර්තාවකින් මෙම කරුණු අනාවරණය කිරීමට පෙර මෙම ඛෙදජනක ඉරනම ලාංකික කාන්තාවන්ට අත්වන බව ලංකාවේ පාලකයන් දන්නා නමුත් කිසිදු අවස්ථාවක ඒ් තත්වය වෙනස් කිරීමට විධිමත් පියවරක් ගෙන නැත. විශේසයෙන් ලිංගික බලහත්කාරය පිලිබද සිදුවන වාර්තා හෝ ඒවැනි බලහත්කාරි තත්වයන් හා ප්‍රචණ්ඩත්වය නිසා මියයන ලාංකික ගෘහ සේවිකාවන් මියගිය පසුද අදාල රාජ්‍යයන්ට කාන්තාවන් යැවීම නතර කර නැත. අවම වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් හෝ නීතිමය ආවරනයෙන් මෙම තත්වය වනෙස් කරන්නට අවම පියවරක් පවා ලංකාවේ ආණ්ඩුව ගෙන නැත. විදේශ විනිමය උපයා ගැනීමෙන් ආර්ථික වර්ධනය පෙන්වීමට ලාංකික කාන්තාවන් ගොදුරු කරවීම පාලකයන්ගේ අරමුණ බව ඒයින් පැහැදිලි වේ.