தமிழ்
English
Contact
Thursday 21st June 2018    
සෞදි අරාබි නිවෙස් හිමිකරු විසින් ලාංකික ගෘහසේවිකාව මරා දමලා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞදි අරාබි නිවෙස් හිමිකරු විසින් ලාංකික ගෘහසේවිකාව මරා දමලා !



සෞදි අරාබියේ බුරයිදා ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටි ප්‍රියන්තා ජයසේකර නමැති 42 හැවිරිදි ගෘහසේවිකාවක් දඩයම් තුවක්කුවකින් වෙඩි තබා මරා දැමු ප්‍රවතක් ‘සෞදි ගැසට්‘ පුවත්පතින් වාර්තා කර තිබේ.

මාර්තු 10 වැනිදා මෙම වෙඩිතැබීම සිදුකළ 30 හැවිරිදි නිවෙස් හිමියා සිය දඩයම් තුවක්කුවෙන් වෙඩි තබාගෙන මියගොස් ඇති බවද වාර්තා විය. මේ අතර සෞදි අරාබි බලධාරින් විසින් මෙම ඝාතනයේ වගකීමෙන් සෞදි සමාජය ගලවා ගැනීමට එය මානසික රෝගී තත්වයක් නිසා සිදුවූවක් බවට ප්‍රකාශ කර තිබේ. මරා දැමූ කාන්තාවගේ සිරුර අල් රාස් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පුවත්පත් වාර්තා කරයි.

ලාංකික ගෘහසේවිකාවන් මරා දැමීම පමණක් නොව විවිධ ලිංගික හා වෙනත් ශාරිරික හිංසාවන්ට ලක් කරමින් සිදුකළ අපරාධකරුවන්ට සෞදි අරාබිය නිසි දඩුවම් ලබා දී නැති අතර ඇතැම් රටවල් එවැනි පීඩා සිදුකරන මැදපෙරදිග රටවලින් සිය රටවල කාන්තාවන් ඉවත්කරමින් තිබේ. නිදසුනක් ලෙස බංග්ලාදේශය සහ පිලිපීනය සිය කාන්තාවන් මැදපෙරදිග ගෘහසේවයට එවීම නවතා දමා ඇත.