Posted on 07.30.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නීති විරෝධී ලෙස යුරෝපයට සංක්‍රමණය වෙමින් සිටි බව සැකකරන ලාංකිකයන් 21 දෙනෙකු රැගත් නෞකාවක් උතුරු සයිප්‍රස් මුහුදු සීමාවේදී එරට වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම ලාංකිකයන් සමඟ අදාළ නෞකාවේ කපිතාන්වරයා සහ සහ එහි සිටි නව දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයද සයිප්‍රස් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ස්විස් ජාතිකයෙකුට අයත් මීටර් 40 ක් දිගැති සී ස්ටාර් නමැති මෙම නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට අයත් සිසිලි දූපත් හි කැටානියා වෙරළ තීරය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබිණි. මෙම නෞකාවෙන් ඉතාලිය බලා යාම සඳහා එක් අයෙකු විසින් යුරෝ 10,000 බැගින් නෞකාවට ගෙවූ බවත් වාර්තා වේ. මෙම නෞකාව ස්විස් ජාත්කයකුට අයත් බවද එහි කාර්යමණ්ඩලය දක්ෂිණාංහික අන්තවාදින්ගෙන් යුකුත් බවද සයිප්‍රස් ආරක්ෂක අංශ පවසයි.
සයිප්‍රස් වෙරලාරක්ෂකයන් විසින් නෞකාවේ සිටින පුද්ගලයන් පිළිබද විමසීමක් කරද්දී නැවේ සිටි ලාංකිකයන් සංක්‍රමණිකයන් ද නැත්නම් පුහුණු වන නාවිකයින් ද යන්න පිළිබඳව නිසි සාධක නොමැතිවීමෙන් සැකයක් ඇතිවීමෙන් ආරක්ෂක අංශ වෙත භාරදී ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා නෞකා කාර්ය මණ්ඩලය රඳවා ගෙන ඇති අතර නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ. අත්අඩංගුවට පත්පිරිස අතරින් ලාංකිකයන් පස් දෙනෙකු තමන්ට සයිප්‍රසයේ රැකවරණ අවශ්‍ය බව සයිප්‍රස් ආරක්ෂ අංශ බලධාරීන් හමුවේ පවසා ඇත. ඉතිරි පිරිසගේ කැමැත් මත ඔවුන් නැවත ලංකාව බලා එවන්නට කටයුතු යොදා ඇත.
