தமிழ்
English
Contact
Saturday 19th June 2021    
සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු 6ක ලිපියක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු 6ක ලිපියක්



කොරෝනා ( COVID19) ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ඇති ඉදිරි අභියෝගාත්මක අනතුරු පිළිබඳ කරුණු හයක ලිපියක් නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද(21) දින භාර දී තිබේ. එම ලිපිය බාරදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසුවේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට පත්කර ඇති ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංයුතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි. එම බලකාය සඳහා වෛරස් රෝග සම්බන්ධ විශේෂඥවරු, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරු වැනි අය පත්කළ යුතු බව ඔහු මෙහිදී පැවසීය.

එම කරුණට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසා ඇති පරිදි ලංකාව තුළ සිදුකරන PCR පරීක්ෂණ වැඩි කරන ලෙස, කොරෝනා මර්දනයේ යෙදී සිටින සෞඛ්‍ය සේවකයන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂා අංශවලට අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ ලබාදීම, ආණ්ඩුවේ මාධ්‍ය මධ්‍යස්ථානය විසින් මෙහෙයවමින් සිටින කොරෝනා රෝගීන් කෙරෙහි සමාජයේ විරෝධය අවුළුවන මාධ්‍ය මෙහෙයුම් නැවත්වීම, මාධ්‍ය මගින් ප්‍රචාරය කරන අවිධිමත් ප්‍රතිකාර ක්‍රම ගැන නිවැරදි කිරීමක් කිරීම, ඖෂධ බෙදාහැරීම විධිමත් කිරීම, ඇඳිරි නීති සීමා ලිහිල් කිරීමට පෙර ඊට අවශ්‍ය නිර්ණායක සකසා ඒ අනුව ලිහිල් කිරීම පියවරෙන් පියවර කිරීම යන කරුණු මෙම ලිපිය මගින් ඉදිරිපත් කර තිබේ.

නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට බාරදුන් සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.