தமிழ்
English
Contact
Wednesday 23rd May 2018    
පොලිස් ලොක්කන්ගේ ජංගම දුරකථනවලට සවන් දෙන්න පොලිස්පති නියෝග කළ බව හෙළි වේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස් ලොක්කන්ගේ ජංගම දුරකථනවලට සවන් දෙන්න පොලිස්පති නියෝග කළ බව හෙළි වේ !



පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ඉහළ පෙළේ පොලිස් නිලධාරින්ගේ නම් ලැයිස්තුවක් සකස්කර ඔවුන්ගේ ජංගම දුරකථනවලට වන් දෙන ලෙස විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බව හෙළිවී තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ විශේෂ විමර්ශන ඒකකය විසින් එසේ රහසින් ඇහුම්කන් දෙන්නට අවශ්‍ය ජංගම දුරකථන අංක ඉල්ලා සකස් කළ ලැයිස්තුවක් පරික්ෂා කිරීමේදී එහි තමන්ගේ අංකයද තිබුණු නිසාය. මෙම තත්වය දැනගත් විගස ඉහළ පෙළේ පොලිස් නිලධාරින් පිරිසක් පොලිස් කොමිසම වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර පොලිස් කොමිසම ඔවුන්ට දන්වා ඇත්තේ මෙම ගැටලුව පිළිබද ව්යවස්ථාදායක සභාවට දැනුම් දී අවශ්ය උපදෙස් පතන බවයි.
වැඩිදුරටත් සොයා බැලීමේදී දැනගන්නට ඇත්තේ යම් ජංගම දුරකථනයකින් දුරකථන කතාබහට සවන්දමට පමණක් නොව කෙටි පනිවිඩ, ඊමේල්, රැදී සිටි ස්ථාන සහ මකා දමන ලද දත්ත පවා අනාවරණය කරගැනීමට සමත් විශේෂ උපකරණ යොදාගෙන මෙම කාර්ය සිදුකරන බවයි. රාජපක්ෂ ආණ්ඩුව සමයේ බුද්ධි අංශ සදහා මෙරටට අවශ්ය උපකරණ ගෙන්වා ඇති බව ප්‍රකාශ වූ අතර ත්රස්ත විමර්ශන ඒකකය විසින් ඒවා භාවිත කළ බවට කරුනු අනාවරණය විය. රාජ්ය බුද්ධි අංශය විසින් රාජපක්ෂ පාලනයට විරුද්ධ දේශපාලනඥයන්, කලාකරුවන්, මාධ්ය‍ව්දින් හා සිවිල් ක්රියාකාරින්ගේ දුරකථනවලට සවන් දුන් බව ප්රසිද්ධ රහසක් විය. එහෙත් දැන් තත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති අතර මර්දක රාජ්යේ යන්ත්රයකදී මෙවැනි දේ සිදුවීම පුදුමයක්ද නාවේ.
කෙසේවෙතත් පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ගැටලුවට තුඩු දී ඇති මෙවැනි උපකරණ ලබා දී ඇත්තේ ඕස්ට්රේපලියානු පොලිසියේ පරිත්යාගයක් ලෙසිනි. ඕස්ට්රේලියාවට හොර රහසින් බෝට්ටු මගින් යන ජනයා ගෙන යන සංවිධානාත්මක ජාලය අනාවරණය කරගැනීමේදී අනුග්රාකහකත්වයක් ලෙස ඕස්ටේ්රනලියානු ෆෙඩරල් පොලිසිය මෙම උපකරණ ලබා දුන් බව අනාවරණය වී ඇත. එහෙත් දැන් ඒවා පොලිස්පතිවරයාගේ අභිමතය පරිදි භාවිතයට ගනු ලබන්නේ පොලිසියේම ඉහළ නිලධාරින්ගේ රහස් සොයන්නටය‍.