தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
දේශීය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයත් චීනය ආක්‍රමණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශීය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයත් චීනය ආක්‍රමණය කරයි



ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධ ලබා දෙන කොන්ත්‍රාත් බහුතරයක් දිගින් දිගටම චීන බහු ජාතික සමාගම් විසින් නතු කර ගැනීම හේතුවෙන් දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතින බව සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් පෙන්වා  දී ඇත.

දැනට දේශීයව සිදුවන මහා පරිමාන ඉදිකිරීම් 40%-45%ත් අතර ප්‍රමාණයක් චීන සමාගම් විසින් මෙහෙයවනු ලබන අතර මෙම තත්වය අකණ්ඩව පැවතුනහොත් ඉදිරි වසර 05 තුළ දේශීය සුළු මධ්‍යම මෙන්ම මහා පරිමාන ඉදිකිරීම් කර්මාන්තයම මුළුමනින් කඩා වැටීමට නියමිත බවට එම මණ්ඩලය විසින් ලංකා රාජ්‍ය වෙත අනතුරු ඇඟවීම් කර ඇත. එමෙන්ම චීන සමාගම් විසින් සියළු සම්පත් චීනය හරහා ගෙන්වා ගැනීම හේතුවෙන් මෙරට මුදල් සෘජු ලෙස චීනය වෙත ගලා යන බවත් එය දේශීය ආර්ථිකයට අයපත් අයුරින් බලපෑම් කිරීමට නියමිත බවත්  සාර්ක් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය පෙන්වා දී තිබේ.

විදේශීය ආක්‍රමණය හේතුවෙන් ක්‍ෂේත්‍ර ගණනාවක් විනාශ වී තිබෙන තත්වයක විදේශීය ආයෝජන ගෙන්වන බව පවසමින් දේශීය සම්පත් බහුජාතික සමාගම්හි ගොදුරු කර වැඩකරන ජනතාව ශ්‍රම කොල්ලකරුවන්ගේ වහලුන් බවට පත් කර සියළු සීමා බිඳ දමා ප්‍රාග්ධනයට රිසි සෙ සිය ආධිපත්‍ය විහිදුවාලීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් ආණ්ඩු කටයුතු කිරීම මෙවැනි දේශීය කර්මාන්ත බිඳ වැටීමට හේතු වී ඇත.