தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
දුම්රිය රියදුරු වර්ජනය නවතී - Update | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුම්රිය රියදුරු වර්ජනය නවතී – Update



අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබු එක දින සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කල බව දුමිරිය එන්ජින් රියදුරන්ගේ සංගමය (ලෝකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් යුනියන්) පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාට්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

S10 බලවේග කට්ටලවල තිරිංග නිවැරදිව ක්‍රියාත්මක නොවීම සහ දුම්රිය සහයකවරුන් බඳවා ගැනීමට විරෝධය දක්වමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකවන බව මින් පෙර පවසා තිබු අතර දුම්රිය සහායකවරුන් බඳවා ගැනීමේ තරග විභාගය අවලංගු කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟ වූ බව සඳහන් වේ.

අනාරක්‍ෂිත අබලන් දුම්රියෙන් මඟී ප්‍රවාහනය බෑ – දුම්රිය රියදුරන් සංකේත වර්ජනයකට සැරසේ

 

දැනට ධාවනය සඳහා යොදවා තිබෙන S10 බලවේග කට්ටල සහිත දුම්රියවල සහ චීනයේ නිෂ්පාදිත මැදිරි සහිත දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත්වී අද(01) දින මධ්‍යම රාත්‍රී 12 සිට සංකේත වැඩ වර්ජනයක නිරතවෙන බව දුමිරිය එන්ජින් රියදුරන්ගේ සංගමය (ලෝකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් යුනියන්) පවසයි.

සිය සංගමය මෙම තීරණයට එළඹීමට හේතුව මෙම දුම්රියවල තිරිංග ක්‍රියාකාරිත්වයේ දැඩි අබලන්වීම හේතුවෙන් දුම්රිය මගීන්ගේ ආරක්ෂාව දැඩි ලෙස අවදානමකට පත්වීම හේතුවෙන් බව දුම්රිය රියදුරන් පවසයි.

S10 බලවේග කට්ටල 15ක් දුම්රිය දේපාර්තමේන්තුව සතුව පවතින අතර ඉන් බොහොමයක් නගරාසන්න සේවාවලට යොදා ගැනෙන අතර මහව සහ ගාල්ල කාර්යාල දුම්රිය සදහාද කැලණිවැලි මාර්ගයේ ධාවන කටයුතු සඳහා භාවිත වන්නේ මෙම S10 දුම්රිය කට්ටල වේ.