தமிழ்
English
Contact
Friday 25th September 2020    
LTTE යට සම්බන්ධ 12ක් අත්අඩංගුවට ගත් හේතු ගැන සෑහීමකට පත්වෙනවා - මැලේසියානු අගමැති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

LTTE යට සම්බන්ධ 12ක් අත්අඩංගුවට ගත් හේතු ගැන සෑහීමකට පත්වෙනවා – මැලේසියානු අගමැති



මැලේසියාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැලේසියානු පොලීසිය තමන්ට ලබාදුන් හේතු පිළිබඳව තමන් සෑහීමකට පත්වන බව මැලේසියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මෝහොමඩ් සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ සැකකරුවන් 12ක් මැලේසියානු පොලීසිය විසින් පසුගිය සතියේදී අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගෙන් කළ විමසීම්වලදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

“අත්අඩංගුවට ගැනීම් පිළිබඳව මට පොලීසිය දැනුම් දුන්නා. ඒ වගේම ඒ සඳහා හේතු ඔවුන් පැහැදිලි කළා. එසේ ලබාදුන් හේතු පිළිබඳව මම සෑහීමකට පත්වෙනවා” යැයි මැලේසියානු අග්‍රාමාත්‍යවරයා පවසයි.

පසුගිය සතියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කිරීම සහ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම යන චෝදනා යටතේ පසුගිය සතියේදී පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පෙරේදා මැලේසියානු පොලීසිය විසින් එම චෝදනා යටතේම තවත් පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.