தமிழ்
English
Contact
Saturday 22nd September 2018    
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිර්දෝෂී නම් චීනයෙන් චරිත සහතික ගන්නෙ ඇයි? - මංගල සමරවීර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිර්දෝෂී නම් චීනයෙන් චරිත සහතික ගන්නෙ ඇයි? – මංගල සමරවීර



මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණය සදහා චීනයෙන් මුදල් ලැබුනු චෝදනාව ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට නඩු දැමිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර පවසයි.

පසුගියදා ‘ජනාධිපති මාධ්‍ය සම්මාන’ වැඩසටහන ආරම්භ කරමින් ඇමතිවරයා සදහන් කර තිබුණේ මාධ්‍ය පාලනය කිරීමට කිසිදු අදහසක් ආණ්ඩුවට නැති බවය. ඒහිදී මාධ්‍යවේදින් විසින් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඔහු කියා සිටියේ කිසියම් මාධය ආයතනයක් ආචාර ධර්මවලට පටහැනි ලෙස කටයුතු කරනවා නම් නිවැරදි දේ තෝරා බේරා ගන්නට නිදහස ජනතාවට තිබිය යුතු බවය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්දයෙන් නිව්යෝක් ටයිමිස් පුවත්පත කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසීමට පිලිතුරු දුන් මංගල සමරවීර ඇමතිවරයා ප්‍රකාහ කළේ, “මහින්ද රාජපක්ෂ තමන්ට නැගෙන චෝදනා වැරදි නම් මහින්ද රාජපක්ෂට චීනයෙන් චරිත සහතික ලියා ගන්න ඔ්න නෑ. ලංකාවෙ මාධ්‍යවේදින්ට චෝදනා කරලා වැඩකුත් නෑ. නිව්යෝක් ටයිම්ස් වාර්තාව වැරදි නම් නඩු දාන්න ඔ්න ඒ් පත්තරයටයි.” යනුවෙනි.