தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන්නෙත් රනිල්ගේ ක්‍රමයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන්නෙත් රනිල්ගේ ක්‍රමයට!



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද(21) අගමැතිවරයා වශයෙන් අද දින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතවන අතර ඔහු එසේ දිවුරුම් දෙන්නේ පාර්ලිමේන්තුවේ සුලුතර බලයක් සහිතවය.
මෙවැනි ලෙසම 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන පත්වීමෙන් පසුවද එවකට විපක්ෂනායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම්දුන්නේ සුලුතර පාර්ලිමේන්තු බලයක් සහිත අගමැතිවරයකු ලෙසය.

මේ අතර අද දින කතානායකවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳව ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිමට නියමිතය.