தமிழ்
English
Contact
Friday 16th November 2018    
පිටරට පත්තරයක් මට මඩ ගහනවා. - මහින්ද රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පිටරට පත්තරයක් මට මඩ ගහනවා. – මහින්ද රාජපක්ෂ



තමන් මැතිවරණ ව්‍යාපාරයක් සදහා චීන සමාගමකින් මුදල් ලබාගෙන නොමැති බව විදේශ මාධ්‍ය හරහා තමන්ට මඩ ගැසිමක් සිදුවන බවටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඊය‌ේ (29)පැවති උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය. කුරුණෑගල මාවතගම ආඳාගල ශ්‍රී විසුද්ධාරාමයේ නව පුස්තකාලය සහ වළාකුළු බැම්ම විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ සිදු කෙරිණි.

ම‌ේ අතර කැබිනට් ප්‍රකාශක රාජිත ස‌ේනාරත්න විසින් ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ විසින් ‌චෝදනාවට පිළිතුරු දිය යුතු බවද පවසා තිබිණි. “Newyork Times පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියේ අදාල චෙක්පත් අංක, මුදල් ලබාදුන් පුද්ගලයින්, බැංකු සදහන් කර තිබෙනවා. භික්ෂූන් වහන්සේ නමකටත් මුදල් ලබා දී තිබෙනවා. එලෙස මුදල් ලබා නොදුන් බවත්, එම පුවත වැරදි බවත් හිටපු ජනාධිපතිවරයා දැනුම් දිය යුතුයි. අදාල චින සමාගම වත් එම පුවත ප්‍රතික්ෂේප කර නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදු වූ දුෂිත ගණූදෙනු වලින් සුළු ගණුදෙනුවක් තමයි මේ වන විට එළියට ආවේ. ලංකාවේ මුල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවට කිරීමට නොහැකි වූ දෙයක් ඇමරිකාවේ පත්තරයක් විසින් සිදු කර තිබෙනවා. එම ප්‍රවෘත්තියෙන් අපට ඉගෙන ගැනීමට ගොඩක් දේවල් තිබෙනවා. දුෂිතගණූදෙනු වලට සම්බන්ධවූවන්ට නඩු පැවැරීමට අපේ නීතිපති දෙපාර්තමේන්තුවටත් කාලයක් ගත වුනා. පසුගිය රජය සමයේ සිදු වූ හොරකම්, මනුෂ්‍ය ඝාතන වල සියලු තොරතුරු දැන් ටික ටික එළියට එනවා.”