தமிழ்
English
Contact
Thursday 21st June 2018    
"බෙල්ල කැහුවම වැඩ තහනම් කිරීම වැරදියි " - මහින්ද රාජපක්ෂ බෙල්ල අතගාමින් කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“බෙල්ල කැහුවම වැඩ තහනම් කිරීම වැරදියි ” – මහින්ද රාජපක්ෂ බෙල්ල අතගාමින් කියයි



හමුදා නිලධාරියකු විසින් බෙල්ල කැසීම නිසා වැඩ තහනම් කර අැති බවත් ඒය පිලිගත නොහැකි තත්වයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනමාධ්‍ය වෙත පවසයි.

ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ හමුදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් විරෝධතාවයක නිරත ලාංකික තමිල් පිරිසකට බෙල්ල කපන අාකාරයේ අභිනයක් පෑම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදින් විමසූ අවස්ථාෙව් හිටපු ජනාධිපතිවරයා මේ අදහස පළ කර අැත. ඒහිදී ඔහු සිය ෙබල්ල අතගාමින් “දැන් මම මේ කියන්නේ ඔයාලගෙ බෙල්ල කපනවා කියලා තර්ජනයක්ද?” යනුවෙන් විමසා අැත.

හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ බෙල්ල කපා දැමීමෙන් පමණක් නොව වෙඩි තබා මහමග දමා ගිය, ජලාශවල පාවෙන මළ සිරුරු දක්නට ලැබුණු අතර ජනමාධයවේදින් 41ක් ඝාතනයට ලක් වූ බව අමතක කළ නොහැකිය. මහින්ද රාජපක්ෂ බෙල්ල අතගාමින් මෙවැනි අදහස් පළ කරද්දී ඒවැනි සාපරාධි ඝාතන සම්බන්ධයෙන් ඔහුට අැති වගකීම කිසිවකුට අමතක කළ නෙහාැකිය. ඔහුගේ සොයුරු සහ අාරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ජනමාධ්‍යවේදින්ට තර්ජනය කළ අාකාරය හා ඒ්වා පසුව ක්‍රියාත්මක වූ අාකාරය පෝද්දල ජයන්ත වැනි අඩන්තේට්ටමට ලක් වූ මාධ්‍යවේදින් හෙළි කර තිබේ. ශාන්ත විජේසුරිය වැනි මාධ්‍යවේදින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්, දිමුතු අාටිගල, කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත වැනි දේශපාලන පක්ෂ ක්‍රියාකාරින් මරණය අසළට ගොස් දිවිගලවා ගත් බව අමතක කළ නොහැකිය. විශේෂයෙන් දැනටමත් පරික්ෂණ යට ගසා අැති ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීම, ප්‍රගීත් ඒක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධ වගකීම හිටපු ජනාධිපතිවරයාට බෙල්ල අතගා ලිස්සා යාමට නොහැකි චෝදනා වේ.

වත්මන් අාණ්ඩුව ඒවැනි බිහිසුණු සිදුවීම් සම්බන්ධ විමර්ශනයක් කරන බවට මැතිවරණ පොරොන්දු දී වසර තුනක් කිසිවක් සිදු නොකර එම අපරාධවල වලකිවයුත්තන් අාරක්ෂා කිරීමට දායක වී අැත. මහින්ද රාජපක්ෂ වැනි නින්දිත පුද්ගලයකුට බෙල්ල අතගාමින් ජනතාව හමුවේ ලජ්ජාවක් බයක් නැතිව මේ අාකාරයට මිනිමරු විහිලු සැපයීමට හැකිව අැත්තේ ඒ් නිසා බව පැහැදිළිය.