தமிழ்
English
Contact
Monday 22nd April 2019    
චීන තානාපති වාහනයෙන් යද්දී ලංකා තානාපතිවරයාට පයින් යන්න කියති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන තානාපති වාහනයෙන් යද්දී ලංකා තානාපතිවරයාට පයින් යන්න කියති!



මාල දිවයිනේ මාලේ හා හුල්හුලේ දිවයින් යාකරන නව පාලම විවෘත කිරීමේ අවස්ථාවේදී ලංකාවේ තානාපති ආර්.ඒ.බී. තෝරදෙනියගේ රථය නවත්වා උත්සව භූමියට පාගමනින් යන ලෙස දැනුම් දුන් බව වාර්තා වේ.

චීන ආධාරය ඇතිව ඉදිකළ කිලෝමීටර් 1.39 දිග ‘චීන මිත්‍රත්ව පාලම‘ විවෘත කිරීමේ අවස්ථාවට අගෝස්තු 30 වැනිදා එහි ගිය තානාපතිවරයාට මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ ආරක්ෂකයන් විසින් මෙම ‘අගෞරවය‘ සිදුකර ඇති බව විදේශ වාර්තා සදහන් කරයි. මෙම උත්සවයේ ආරාධිතයන් අතර සිටි තානාපතිවරුන්ගෙන් චීන තානාපතිවරයා පමණක් සිය වාහනයෙන් එම උත්සව භූමියට ළගා වූ අතර අනෙකුත් අමුත්තන් පාගමනින් එහි යන්නට සිදුව ඇත. එහෙත් ලංකා තානාපතිවරයාගේ මෝටර් රිය නතර කර එතැන් සිට වාහනවලට ඇතුළු විය නොහැකි බව දැනුම් දුන් අවස්ථාවේ ඔහු සිය රිය ආපසු හරවාගෙන නිල නිවස කරා ආපසු ගොස් ඇත. බංග්ලාදේශ තානාපතිවරයා සහ ලංකා තානාපතිවරයා මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාව වර්ජනය කළ බවට මාලදිවයිනේ විපක්ෂ ප්‍රකාහකයා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. එහෙත් විදේශ අමාතයංශය පවසන්නේ ලංකාවේ තානාපතිවරයා උත්සවය වර්ජනය නොකළ නමුත් සිය වාහනය උත්සව ස්ථානයට ඇතුළු කිරීමට බාධා පැමිණි නිසා ආපසු හැරී ආ බවය.

චීනය විසින් ඩොලර් බිලියන 116ක් පරිත්‍යාග වශයෙන්ද ඩොලර් මිලියන 72ක් ණය ලෙසද ලබා දී මෙම පාලම ඉදිකළ බවය. ඉන්දිය සාගරයේ සිය උපායමාර්ගික බලය ස්ථාපනය කිරීමේදී චීනය විසින් මාලදිවයින හා ලංකාව තුළ ආයෝජන හා වෙනත් ක්‍රම මගින් පයගසා සිටින බව දේශපාලන නිරීක්ෂකයන් විසින් පෙන්වා දී ඇත. එක්සත් ජනපදයට හා ඉන්දියාවට අභියෝගකාරී ලෙස කලාපීය භූ-දේශපාලන බලය ව්‍යාප්ත කිරීමේදී රාජපක්ෂ ආණ්ඩුව සිය මිතුරකු ලෙස තබා ගත් චීනය මේ වනවිට වත්මන් ආණ්ඩුව සමගද සබදතා පවත්වා ගනී. මාලදිවයිනේදී තානාපතිවරයා මුහුණ දුන් සිදුවීම එකී බලවතුන්ගේ භූෙ-දේශපාලන ගැටුමේදී ලංකාවේ ජනතාවට මුහුණ දෙන්නට සිදුවන ඉරණම සංකේතවත් කරයි.