தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
MCC අත්සන් කරනවානම් අත්සන් කරන්නෙ ජනතාවට දන්වලා - මහින්ද රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

MCC අත්සන් කරනවානම් අත්සන් කරන්නෙ ජනතාවට දන්වලා – මහින්ද රාජපක්ෂ



රටේ අවශ්‍යතාවන්ට පටහැනි කිසිදු ගිවිසුමක් රජය අත්සන් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස MCC ගිවිසුම ඉරා දමන ලෙස පැවසීමට ප්‍රතිචාර වශයෙන් අගමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි.

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කන්ඩායම් දෙකටම සමාන ප්‍රතිපත්තියක් තිබූ බවත් දැන් සජිත් ප්‍රේමදාස එය ඉරා දමන ලෙස පැවසීම සදාචාර නොවන බවත් මහින්ද රාජපක්ෂ පවසයි.

මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ” පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එජාප කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද MCC ගිවිසුමේ අන්තර්ගතය අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කර තිබේ. මෙම කාරක සභාවේ සොයාගැනීම් ලබා ගත් පසු, අපි මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳව පාර්ලිමේන්තුවට සහ සාමාන්‍ය ජනතාවට දැනුම් දෙන්නෙමු. කිසිදු තත්වයක් යටතේ අපේ රජය පාර්ලිමේන්තුවට සහ ජනතාවට දැනුම් නොදී විදේශ රටක් සමඟ කිසිදු ගිවිසුමක් අත්සන් නොකරනු ඇත.”

අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කරන නමුත් 2007 මාර්තු 5 වැනිදා එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ACSA ගිවිසුම අත්සන් කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හෝ අවම වශයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරු පවා එම ගිවිසුම ගැන කිසිවක් දැන සිටියේ නැත.