Posted on 11.10.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාතිය සහ ආගම ආරක්ෂාකළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂට බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු ජයග්‍රහණ කරවීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි පවසයි.
කඩුවෙල, අසපුව ලෙස ප්‍රකට මෙම භික්ෂුවගේ විහාරයේ අද(10) ගෝඨාභය රාජපක්ෂගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයකදී ඥානානන්ද හිමි මේ බව සඳහන් කළේය. එම හිමියන් විසින් රචිත ‘මහාවංශය අවසාන භාගය සරල සිංහල අනුවාදය’ දොරට වැඩුම ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් සිදුකරන්නට ඒ හිමියන් කටයුතුකර තිබුණේ ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සමගාමීවය.
ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ‘මව්බිම සුරකින සත්‍ය ක්‍රියාව’ නමින් සත්‍ය ක්‍රියාවක්ද ඥානානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.
රටේ ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි මෙහිදී ඉල්ලීම් 7ක් ගෝඨාභය රාජපක්ෂට ඉදිරිපත් කළේය. එයින් වඩා අවධානයට ලක්වන්නේ ‘මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන්'(MCC ) ගිවිසුම සම්බන්ධ ඉල්ලීමය. සුප්‍රකට එක්සත් ජනපද ආරක්ෂක පහසුකම් සැලසීමේ ගිවිසුම(ACSA) අත්සන් කළ ගෝඨාභයට MCC ගිවිසුම ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලමින් උන්වහන්සේ මෙසේ පැවසීය.
“MCC ක්‍රියාත්මක වූ පසු වෙඩි කන්න වෙන්නේ ඒ ගැන කතා කරන්න නීතියක් නැහැ.” කෙසේවෙතත් පසුගියදා භික්ෂුවකගේ උපවාසය අවසන් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ නිකුත්කළ ලිපියේ එම ගිවිසුම අහෝසි කරන බවක් නිශ්චිතව එම නමින් සඳහන් කර නොතිබීමද අවධානයට ලක් විය.