தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
MCC ගිවිසුම් සමාලෝචන කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

MCC ගිවිසුම් සමාලෝචන කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට



ගිවිසුම පිළිබඳ තීරණයක් ගැනීමට පෙර අධ්‍යයනය කිරීම සඳහා MCC ගිවිසුම් සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජී.එල්. පීරිස් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජී.එල්. පීරිස් මේ බව පැවසීය.

“එම්.සී.සී. ගිවිසුම පිළිබඳ තීරණයක් ගැනීමට පෙර කැබිනට් මණ්ඩලය සහ රජය අවසන් වාර්තාව අධ්‍යයනය කළ යුතුය. අවසාන වාර්තාව ප්‍රසිද්ධියට පත් කර ඇති බැවින් ඕනෑම කෙනෙකුට එය බලන්න පුළුවන්. රජය කිසිවක් හංගන්නේ නැහැ.”

තීරණ ගැනීමට පෙර රජයට සියළුම කරුණු සැලකිල්ලට ගත යුතු බවද ජී. එල්. පීරිස් පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ තම රජයක් කිසි විටෙකත් රටට හානිකර ගිවිසුමක් අත්සන් නොකරන බවයි.