தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
MCC ගිවිසුම ගැන හොයන්න පත්කළ කමිටුවේ මූලික වාර්තාවක් ජනාධිපතිට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

MCC ගිවිසුම ගැන හොයන්න පත්කළ කමිටුවේ මූලික වාර්තාවක් ජනාධිපතිට



සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත භාර දී තිබේ.

කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2019 දෙසැම්බර් මස 18 වැනිදා මෙම සිව් පුද්ගල විද්වත් කමිටුව පත් කෙරිණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර එහි සෙසු සාමාජිකයෝ වෙති.

ලිපිලේඛන විමර්ෂණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවල යෙදෙමින් මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරන අතර සහශ්‍රක අභියෝගතා සමායතනය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඔවුන් විසින් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.