தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
MCC ගිවිසුම ගැන තීරණය කිරීම මැතිවරණයෙන් පසුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

MCC ගිවිසුම ගැන තීරණය කිරීම මැතිවරණයෙන් පසුවට



මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධ මැතිවරණයෙන් පසු තීරණය කිරීමට නියමිත බව ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් පවසයි.

අන්තර්ජාලය හරහා ජනමාධ්‍යවේදීන් පිරිසක් සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඇය පවසා ඇත්තේ MCC ගිවිසුම් යෝජනා ගැන නැවත සමාලෝචනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණයට ඇමරිකා එක්සත් ජනපදය ගරු කරන බවයි.

2018 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව MCC ගිවිසුමඅදාළ ක්‍රියාවලිය ඇණ හිට ඇති බවත්, වර්තමාන රජය සංක්‍රාන්ති සමයක සිටින නිසා පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් බලා සිටින බව ඇමරිකානු තානාපතිවරිය පවසා ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සැළකෙන MCC ගිවිසුම අත්සන් නොකිරීමට පසුගිය පෙබරවාරි මාසයේදී ආණ්ඩුව තීරණය තිබුණි. පසුව මෙම ගිවිසුම ගැන සමාලෝචනයට කමිටුවක් පත්කෙරිණි . කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසා තිබුණේ මෙම ගිවිසුම ගැන සමාලෝචනයට ආණ්ඩුව විසින් පත්කළ කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම පත්කළ කමිටුව, ගිවිසුම වර්තමාන ස්වරූපයෙන් අත්සන් නොකළ යුතු බවත් ඒ වෙනුවට එය සංශෝධනය කර මහජනතාවට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු බවට යෝජනා කර ඇති බව බන්දුල ගුණවර්ධන පවසා ඇත.

නමුත් ඇමරිකානු තානාපතිවරියගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ආණ්ඩුව මැතිවරණය අවසන් වනතෙක් MCC ගිවිසුම සමාලෝචනය කරන බව සංශෝධනය කරන බවට සංදර්ශන පෙන්වමින් සිට මැතිවරණයෙන් පසු එය අත්සන් කිරීමට නියමිත බවයි. අනිත් අතින් වර්තමාන ආණ්ඩුව බලයට පත්වූවේ MCC කිසිදු විටක අත්සන් නොකරන බව පොරොන්දු වෙමින් මිස එය නැවත සමාලෝචනය කරන බවට පොරොන්දු වී නොවේ.