தமிழ்
English
Contact
Thursday 1st October 2020    
MCC ප්‍රදානයක් අයදුම් කළේ 2005 මහින්දගෙ ආණ්ඩුව - අමෙරිකන් තානාපති කාර්යාලය කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

MCC ප්‍රදානයක් අයදුම් කළේ 2005 මහින්දගෙ ආණ්ඩුව – අමෙරිකන් තානාපති කාර්යාලය කියයි



MCC (මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන්) ගිවිසුම රටට අහිතකර බවට විද්වත් කමිටුව නිර්දේශ කිරීමෙන් පසුව එය අත්සන් නොකරන බවට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පළකරන ප්‍රකාශ මහමැතිවරණයට සම්බන්ධ බව දේශපාලන අංශවල අවධානයට ලක්ව තිබේ.

ගෝඨාභය ජනාධිපතිවරයා විසින් ගිවිසුම සම්බන්ධ අධ්‍යයනය කිරීමට පත්කළ ‘ලලිතසිරි ගුණරුවන් කමිටුව’ පසුගියදා නිකුත් කළ අවසන් වාර්තාවෙන් ප්‍රකාශ වන්නේ රාජපක්ෂ ආණ්ඩුවෙන් MCC වෙනුවෙන් අමෙරිකන් රජයට කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කළ බවට සාධක එම කොමිසම කළ ‘සොයාබැලීම්වලදී හමු නොවූ’ බවය.

කෙසේවතත් එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඒ සම්බන්ධ සිය නිල ප්‍රතිචාරය ඊයේ(26) පළ කරන ලදී. ඒ අනුව, MCC ප්‍රදානය සම්බන්ධ ආණ්ඩුව විසින් සහ වෙනත් පාර්ශ්ව විසින් සිදුකරන ප්‍රකාශ දේශපාලනිකකරණය වී ඇති බව පවසන තානාපති කාර්යාලය, මේ දක්වා කිසිදු මුදලක් MCCප්‍රදාන යටතේ එක්සත් ජනපද පදනමෙන් නිකුත්කර නැති බවද ආණ්ඩුව කිසිදු මුදලක් වැයකර නැති බවද පෙන්වා දෙයි. කෙසේවෙතත් ලලිතසිරි කමිටුව පවසන කරුනට ප්‍රතිවිරුද්ධ තත්වයක් අනාවරණය කරමින්, ඩොලර් මිලියන 480 ප්‍රදානයට සම්බන්ධ MCC ප්‍රදානයක් ලංකාවට ලබාදෙන ලෙස මුල් වරට අයදුම් කළේ 2005 බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බව ඒක්සත් ජනපද තානාපති කාරියාලය අවධාරනය කරයි.

තානාපති කාර්යාල ප්‍රකාශයෙහි සඳහන් කරුණු අනුව, එක්සත් ජනපද රජයේ විශේෂ ආර්ථික ක්‍රමෝපාය ව්‍යාපෘතියක් ලෙස MCC පදනම නීතිගත කළ 2004 වසරේ පෙබරවාරි මසදී ලංකාවේ පිහිටි ඒක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් එවකට පැවති රනිල් වික්‍රමසිංහ පාලනයට මෙම ප්‍රදානය සම්බන්ධ මුලින්ම දන්වනු ලැබ තිබේ.

කෙසේවෙතත් ලලිතසිරි ගුණරුවන් කමිටුව සිය වාර්තාවේ සඳහන්කරන සොයාබැලීම් අවසානයේ ඔවුන්ට හමුව ඇත්තේ 2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වෙත ප්‍රදානය සම්බන්ධ කළ දැනුම්දීම පමණකි. එයින් පසුව නිල වශයෙන් ඒ ගැන හුවමාරු කළ ලේඛන ලෙස එම කොමිසම ගෙන හැර දක්වන්නේ 2015 රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ඉදිරිපත් කළ ලේඛනයකි.
රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු හරහා ඩොලර් මිලියන 480ක් ලබාගැනීම මෙරට ආර්ථික සංවර්ධනයෝ ක්‍රමෝපාය ඉලක්ක සඳහා සළකා බැලිය යුතුවන්නේ යම් රටක නිශ්චිත කාලයක පවත්නා පාලනය විසිනි. එවැනි ප්‍රදානයක් ලබාදිය හැකි බව එක්සත් ජනපද ආණ්ඩුව දන්වා ඇත්තේ 2004 වසරේ නම්, එය ඉල්ලා සිටීමට එවකට මහින්ද රාජපක්ෂ පාලනය කටයුතුකර ඇත්නම් ගිවිසුම හෝ එහි සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිපල සම්බන්ධ සොයාබැලීම කළ යුතු වන්නේ එසේ ඉල්ලීම් කරන්නට පෙරාතුවය. එසේ රාජපක්ෂ ආණ්ඩුවේ පළමු මාස කිහිපය තුළම ප්‍රදානය ඉල්ලා සිටි බව සත්‍යයක් නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එය අත්සන් කිරීමට පියවර ගැනීම වැරදි වන්නා සේම රාජපක්ෂ ආණ්ඩුව ඒ ගැන මූලික ඉල්ලීම් සිදුකර තිබීමද බරපතළ වරදකි. එසේම එවැනි ඉල්ලීම් සිදු නොකළ බවට විද්වත් කමිටුවක් හරහා ප්‍රකාශ නිකුත්කර විරුද්ධ පාර්ශ්වයට වරද පැටවීමද කුමන්ත්‍රණකාරි තත්වයකි.

මේ අනුව විද්වත් කමිටුවක් ලෙස හඳුන්වන මෙම කමිටුව රාජපක්ෂ පාලනය නිර්දෝෂී බව සනාථ කිරීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරි කමිටුවක්දැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.