தமிழ்
English
Contact
Friday 22nd November 2019    
MCC- මෙතෙක් ලංකාවට වෙන් කළ 'විශාලතම ත්‍යාගය' අමෙරිකාවෙන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

MCC- මෙතෙක් ලංකාවට වෙන් කළ ‘විශාලතම ත්‍යාගය’ අමෙරිකාවෙන්!



අපේ‍්‍රල් 25 වනිදා එනම් අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් දින හතරකට පසු ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප‍්‍රදානයක් (නැවත ගෙවිය යුතු නැති ත්‍යාගයක්) ‘මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන්’(MCC) හරහා පිරිනැමීම නිවේදනය කෙරිණි. විස්මයජනක ලෙස බිහිසුණු ඛේදවාචකයත් සමගම MCC අධ්‍යක්ෂ මණඩලය විසින් අනුමත කළ මෙම ප‍්‍රදානය ලංකාවට මෙතෙක් ලැබුණු විශාලතම ආධාරය වේ. එම ප‍්‍රදානය ලබාගන්නට කැබිනට් අනුමැතිය පසුගියදා ලැබුණු බව ප්‍රකාශයට පත් විය. ඒ සමඟම සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයටද එම MCC වැඩසටහනේ ආර්ථික කොරාඩෝර 4 එක්ව තිබිණි. මීට පරොතුව ප්‍රකාශ කෙරුණේ ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට අවාසිදායක ලෙස බලපාන SOFA සහ MCCගිවිසුම් පිළිබඳ ආණ්ඩුව අවධානය යොමුකර නැති බවය. කෙසේවෙතත් දැන් එම MCC වැඩසටහනේ ඩොලර් මිලියන 480 ප්‍රදානය ලබාගන්නට ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අත ඔසවා දෑත දිගුකර තිබේ.
මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් යනු අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, වෙළඳ දෙපාර්ත මේන්තුව හා භාණ්ඩාගාරය එක්ව පවත්වාගෙන යන ආයතනයකි. ලෝකයේ විවිධ රටවලට අරමුදල් සපයමින් එම අරමුදල් නිසි ලෙස කලමනාකරණය කිරීම මෙම ආයතනයේ වගකීමයි. එහි නායකත්වය දරන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේද ප‍්‍රධානියා වන රාජය ලේකම් මයික් පොම්පෙයෝ විසිනි.
එක්සත් ජනපදයේ මෙවැනි විදේහ ආධාර වැඩසටහන් කිහිපයක් වේ. එයිනුත් දීර්ඝකාලයක් ලංකාවට ආධාර සහ අරමුදල් සපයන ප‍්‍රමුඛ ආයතනය ‘අමෙරිකා-ආධාර’ ව්‍යාපෘතිය(USAID) වේ. MCC යනු එක්සත් ජනපදයේ නව උපායමාර්ගික අරමුණු USAID සම්බන්ධ කරමින් 2004 පිහිටුවන ලද්දකි.
ඵක්‍ක්‍ වෙබ් අඩවියට ගොස් බැලූ විට එම ආයතනයේ අරමුනු ලෙස එක්සත් ජනපද අරමුදල්වලින් ලෝකය යහපත් කරගැනීමේ ඉලක්ක ගණනාවක් දක්වා ඇත. එහෙත් එම වෙබ් අඩවියේම දක්වා ඇති කරුණු අනුව, එක්සත් ජනපද උපායමාර්ගික අවශ්‍යතා අනුව වැදගත් කලාපවල ස්ථාවරභාවය ආරක්ෂාකිරීම, අමෙරිකන් ආරක්ෂක ප‍්‍රතිපත්ති පවත්වාගෙන යාම, අමෙරිකන් බදු ගෙවන්නන්ගේ සෑම ඩොලරයක්ම අරමුණු සහගත ලෙස ආයෝජනය කිරීම වැනි ඉලක්ක හඳුනාගත හැකිය. නිශ්චිතවම එහි සඳහන් වන්නේ ආධාර සඳහා ළංකරගන්නා රටවල් වෙළඳ සහකරුවන් බවට පත්කරගැනීම ඵක්‍ක්‍ වැඩසටහනේ අරමුණකි. මේ අරමුණ සම්බන්ධ නිසි අවබෝධයක් ලබා ගැනීමට ලංකාවේ ඵක්‍ක්‍ වැඩසටහන සම්බන්ධව ප‍්‍රකාශිත කරුණු සෑහේ.
ලංකාවේ MCC වැඩසටහන විසින් සිය අරමුදල් පිරිනෑමීමේදී පදනම් කරගෙන ඇත්තේ 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ඉන් පෙරාතුව පොදුජන එක්සත් පෙරමුණු ආන්ඩුව විසින්ද සැලසුම් කළ ජාතික භෞතික සැලැස්මය. පසුව එය ක‍්‍රියාවට නැඟීමට ආණ්ඩුව විසින් ඵක්‍ක්‍ වෙත කළ ඉල්ලීමක් අනුව මෙම ඩොලර් මිලියන 480 ප‍්‍රදානය හිමි විය. එයින් මිලියන 370ක් අනුමත වී ඇත්තේ 2018 වසරේදීය. ඉතිරි මිලියන 110 2019 වසර සඳහා එක්සත් ජනපද භාන්ඩාගාරයෙන් අනුමත වී තිබේ. මෙම මුදල පස් අවුරුදු කාලයකට පිරිනමන්නේ මේ වනවිට කලාපීය භූ-දේශපාලන වැදගත්කම තුළ හා උපායමාර්ගික වශයෙන් ඉන්දිය සාගරය මධ්‍යයේ ලංකාව පිහිටා තිබීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.
කෙසේවෙතත් එක්සත් ජනපදය ඩොලර් මිලියන 480ක් පමණ විශාල මුදලක් නැවත නොගෙවන ත්‍යාගයක් ලෙස කිසිදු පොළියක් නැතිව ප‍්‍රදානය කරන්නේ යටි අරමුණු ඇතිවය. මෑත ඉතිහාසයේ අමෙරිකානු ආයෝජනයන් සඳහා බිම් විවෘතකර ගැනීමටත් ඛනිජ තෙල්, ගෑස් ඇතුළු ස්වභාවික සම්පත් කොල්ල කෑමටත් ලෝකය පුරා යුද්ධ ව්‍යාප්ත කළ එක්සත් ජනපදයට සද් ගුණවත් දානපතිකමක් ආරූඪ වන්නේ කෙසේදැයි උපහාසාත්මකව ප‍්‍රශ්න කරන දේශපාලන විශ්ලේෂකයන් විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ අත්සන් කළ ACSA ගිවිසුම 2017දී වත්මන් එ.ජා.ප. ආණ්ඩුව විසින් සීමා විරහිත කාලයකට දීර්ඝකළ බව පෙන්වා දෙන ලදී. එසේම SOFA ආරක්ෂක සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමේ සාකච්ඡුාද ආරම්භ කර ඇති පසුබිමක MCC යනු වෙන්ව ගතහැකි අහම්බයක් නොවන බව පෙන්වා දෙමින් එක්සත් ජනපදය ලංකාවේ මැදිහත්වීමක් කිරීමට සූදානම්වන බවට විවේචන ජනමාධ්‍ය තුළද පළ විය.
ඒ සමගම එක්සත් ජනපදයත් ආණ්ඩුවත් ඵක්‍ක්‍ සම්බන්ධව පැහැදිලි කිරීම් කරන ලදී. විශේෂයෙන්ම MCC සම්බන්ධ පළවන මාධ්‍ය වාර්තාවලට ප‍්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද තානාපතිනිය ප‍්‍රකාශ කළ කරුනු මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදන අනුව, සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගන්නට පුලූවන. ලංකාවේ ප‍්‍රවාහන පද්ධතිය වැඩිදියුනු කිරීමේ සැලසුම් සහගත ව්‍යාපෘතිවලටද ඉඩම් අයිතිය තහවුරු කිරීමේ හා ඉඩම් පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘති ඵක්‍ක්‍ පස් අවුරුදු සැලසුමට අයත් වේ.
එපමණක් නොව, කොළඹ සිට ත‍්‍රිකුණාමලයට කිලොමීටර් 200ක් දිග ආර්ථික කොරිඩෝරයක් විවෘත කිරීම පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඒ හා සමගම මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක විසින් MCC සම්බන්ධ වැදගත් කරුණු ප‍්‍රමාණයක් හෙළිදරව් කරන ලදී. ඔහු විසින් ලංකාවේ ප‍්‍රධාන කලාප 5 ක් ආයෝජන සඳහා වැදගත් කලාප ලෙස හඳුනාගෙන එහි යටිතල පහසුකම් සංවර්ධනයට හා ඉඩම් පවරාගැනීම් සඳහා නීති සකස්කරන බව ප‍්‍රකාශ කළේය. ලංකාවේ ඉඩම් නීති සංශෝධනයට ආණ්ඩුව විසින් පනත් තෙටුම්පත් කිහිපයක් ගෙන ආවේද මීට සමාන්තරවය. ඔහු පැවසුවේ මේ කියන හඳුනාගත් කලාප මෙසේය.
1. කොළඹ සිට ත‍්‍රිකුණාමලය
2. කලූතර සිට හලාවත
3. ගාල්ල සිට හම්බන්තොට
4. වාලච්චේන සිට පොතුවිල්
5. කිලිනොච්චියේ සිට යාපනය
මේ අකාරයට ලංකාවේ භූ කලාප තෝරාගෙන විශේෂ ආර්ථික කලාප වශයෙන් සංවර්ධනය කරන්නේ ඉහත සඳහන් කළ ආකාරයට වෙළඳ සබඳතා හරහා ලංකාව ආධාර ලබන රටක සිට වෙළඳ සබඳතා පවත්වන රටක් බවට පරිවර්තනය කරගැනීමට බව සැකයෙන් තොරව කිව හැකිය. එක්සත් ජනපදය සමග ලංකාව දැටමත් වෙළඳ සබඳතා පවත්වන අතර ඒවායේ වාසිදායක තත්වයන් ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. නමුත් මේ වනවිට ලෝකයේ ප‍්‍රධාන ආර්ථික බලවතුන් ලෙස චීනය හා එක්සත් ජනපදය ලංකාවේ ආර්ථික කටයුතුවලට මැදිහත් වෙමින් සිටින්නේ තරගකාරී ආකාරයකින් බවද එය ඉන්දිය සාගර කලාපයේ වෙළඳ, ආරක්ෂක, නාවික හා ගුවන් ගමන් මෙන්ම දේශපාලන සබඳතා ඇසුරේ ආධිපත්‍ය සම්බන්ධ තරගයක් බවද නිශ්චිතය. මේ නිසා MCC ප‍්‍රදානය යනු ඉදිරියේදී ලංකාව සමඟ වඩාත් ශක්තිමත් ලෙස එකඟතා ඇතිකරගන්නට හා ගිවිසුම් හරහා ලංකාවේ මැදිහත්වීම තියුණු කරන්නට එක්සත් ජනපදයේ අරමුණ වෙනුවෙන්වන ආයෝජනයකි. MCC වෙබ් අඩවිය නිශ්චිතවම සඳහන් කරන ආකාරයට MCC යනු අමෙරිකන් ජනතාව සඳහා කරන ආයෝජනයකි. අමෙරිකන් බදු ගෙවන්නන්ගේ සෑම ඩොලරයකටම වගකියන්නට MCC ආයතනය බැඳී සිටින බව එහි කියැවේ.

මේ කරුන වටහා ගන්නට එක් ප‍්‍රසිද්ධ නිදසුනක් ගෙන හැර දැක්විය හැකිය.
එනම් අප‍්‍රිකාවේ යටත්විජිතකරණය ආරම්භයේදී සුදු ජාතිකයන් අත බයිබලයද අප‍්‍රිකානුවන් අත දැවැන්ත භූමියක්ද විය. පසුව ආගමික භක්තිය ප‍්‍රකාශ කරමින් අප‍්‍රිකාවට පැමිනි සුදු ජාතිකයන්ගේ දේශනා අවසානයේ අප‍්‍රිකානුවන් අත බයිබලය ඉතිරිව ඉඩම් සුදු ජාතික පාලකයන් විසින් කොල්ල කෑ බව ප‍්‍රසිද්ධ කාරණයකි. එක්සත් ජනපදයේ MCC ප‍්‍රදානයේ අර්ථය වටහා ගන්නට එයම ප‍්‍රමාණවත්ය.