தமிழ்
English
Contact
Friday 6th December 2019    
MCC හරහා දේශපාලන, ආර්ථික හානි වගේම පරිසරයත් විනාශ වෙන්න නියමිතයි - ළහිරු වීරසේකර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

MCC හරහා දේශපාලන, ආර්ථික හානි වගේම පරිසරයත් විනාශ වෙන්න නියමිතයි – ළහිරු වීරසේකර



MCC ගිවිසුම හරහා වෙන දේශපාලන , ආර්ථික, සංස්කෘතික හානිවලට අමතරව අපට ජිවත් වීමට තිබෙන පරිසරයට ඉන් හානියක් වෙන්න නියමිත බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි. ඔහු පවසන්නේමෙම ගිවිසුම හරහා ඉඩම් අක්කර ලක්ෂ 12ක් පමණ නිදහස් කිරීමට එකඟව ඇති නිසා මහා පරිමාණ සමාගම්වලින් ලබාගන්න ඉඩම්වල වගාකිරීමට නියමිත ගර්කින්, දුම්කොළ සහ පරිසරයට ඉතා අහිතකර කටුපොල් වැනි වාණිජ භෝග බවයි. ළහිරු වීරසේකර පැවසුවේ පාලකයන් මේ ආකාරයට ඉන්න හිතෙන රටක් කියා ඉන්න තියෙන පරිසරය නැති කරමින් යන බවයි

ළහිරු වීරසේකර වැඩිදුරටත් පැවසුවේ
“මේ කිසිම අපේක්ෂකයෙන් MCC ගිවිසුම නවත්වනද නැද්ද යන්න ප්‍රකාශ කර නැහැ. ඉඩම් ගන්නෙ මහා පරිමාණව වගා කරන්න. එම සමාගම්වලට ලංකාවේ භූමිය, පරිසරය, මිනිස්සුන්ගේ ජීවිත අදාළ නැහැ. ජනාධිපති අපේක්ෂකයෝ කිසිම කෙනෙකුට මේ රටේ පරිසරය මිනිස්සුන්ගේ ජිවිත අදාළ නැහැ. ඒ ඔවුන් නියෝජනය කරන සමාජ ක්‍රමය. මේක වෙනස් කරන්න පෙළ ගැහෙන්න කියලා අපේ රටේ තරුණ තරුණියනට කියනවා. “