தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
දිවයින තුල ඖෂධ හිඟයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිවයින තුල ඖෂධ හිඟයක්



නිදහස් සෞඛ්‍ය සේවය සඳහා ප්‍රමාණවත් පරිදි පරිදි ප්‍රතිපාධන වෙන් නොකිරීම හේතුවෙන් රට තුල දැවැන්ත ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස මුදල් වෙන් නොකිරීම මෙම තත්වය සඳහා ප්‍රධාන හේතුව බව එම අමාත්‍යංශයේ ලේකම් බි. ජේ. එස් ගුණතිලක මේ පිලිබඳ සඳහන් කරමින් පැවසීය.

මෙවන් තත්වයක් තුලම මේ වසරේම ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩරයක් හරහා සිදු වූ බව පැවසෙන රු: ලක්ෂ 700ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් පිළිබඳව වෘත්තීය සමිති ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට චෝදනා කර තිබුණි.

මෙම ඖෂධ හිඟය හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබෙන අතර බහුතර ජනතාව මුහුණ දීමට නියමිත මෙම ගැටළු පිලිබඳ කිසිඳු සංවේදීතාවයක් නොමැති ඊනියා මහජන නියෝජිතයින් සුපුරුදු බල සුදුවේ නිරත වෙමින් ඇත.