தமிழ்
English
Contact
Friday 20th July 2018    
වැඩ වර්ජනයේ කඩාකප්පල්කාරී ක්‍රියා ගැන ඇමති ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අනතුරු අගවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැඩ වර්ජනයේ කඩාකප්පල්කාරී ක්‍රියා ගැන ඇමති ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අනතුරු අගවයි!



ජූලි 04 වැනිිදා පැවති ගුරු – විදුහල්පති වැඩ වර්ජනයේදී ආයතන සංග්‍රහය උල්ලංගණය කරමින් යම් අයකු කටයුතුකර ඇත්නම්, ඊට අදාළව විමර්ශන සිදුකරන බව අධ්‍යාපන අැමති අකිල විරාජ් කාරියවසම් පවසයි.
සකේේත වැඩ වර්ජනය අවස්ථාවේ තම නිලබලය අවභාවිතා කරමින් පාසල්වල අධ්‍යාපන කටයුතු නවතා දැමීමට ‌හෝ පාසල් වැසීමට
ඇතැමුන් නියෝග දුන් බවට ලැබුණු පැමිණිලි පිළිබදව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. ඒපමණක් ‌ෙනොව පාසල් වසා දමන ආකාරයට කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමට කිසිදු කණ්ඩායමකට ඉඩ නොතබන බව ද අධ්‍යාපන අැමතිවරයා පවසයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට අනුව ලෙඩ නිවාඩු දැමීමට මිිස, පාසල් වසා දැමීමට පරිපාලන නියෝග කිරීමට කිසිදු හැකියාවක් වෘත්තීය සමිතිවලට නොමැති බව ද අධ්‍යාපන අැමතිවරයා අනතුරු අගවා තිි‌බේ.
පසුගිය ගුරු වැඩවර්ජනයේදී කඩාකප්පල්කාරි කටයුතු කළ බවට ඇමතිවරයා සදහන් කරන කටයුතු අතර ආණ්ඩුවට පක්ෂාත ගුරුවරු හා නිලධාරින් විසින් වැඩවර්ජකයන් පිට වරද පැටවීමට ගත් පියවර අඩංගුද යන්න ඇමතිවරයා පවසන්නේ නැත. ඒසේම වර්ජනයේ නිරත ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශය අසලදී පහරදුන් මැරයන් සම්බන්ධ පියවරක් ගැනීමට ඇමතිවරයාට අවශ්‍ය නැති බව පැහැදිලිය.



Related News