தமிழ்
English
Contact
Thursday 21st June 2018    
අාණ්ඩුව පිහිටුවාගත් අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය වංචාවක් - ත්‍රිකුණාමලයේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු කියති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අාණ්ඩුව පිහිටුවාගත් අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය වංචාවක් – ත්‍රිකුණාමලයේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු කියති



යුද සමයේ සිදුවූ මානව හිමිකම් අපරාධ සම්බන්ධ වගකීමෙන් ගැලවෙන්නට අතුරුදන්වුවන් සම්බන්ධ කාර්යාලයක් පිහිටුවා ඊට මුවා වී අතුරුදන්කළවුන් පිළිබද අැත්ත ප්‍රශ්නය යටපත් කළ බවට හවුල් අාණ්ඩුවට චෝදනා ඒල්ල වී අැත.

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය යනු එක්සත් ජාතින්ගේ සංවිධානයට පෙන්වීම සදහා අාණ්ඩුව වංචනික ලෙස යොදාගත්ක් බව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරුදන්වුවන්ගේ හා පැහැරගැනීමට ලක්වූවන්ගේ ඥාතින්ගේ සංගමයේ සභාපතිනි නාගේන්ද්‍රන් ජෙයලක්ෂමි පිල්ලේ ඊයේ(3) ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. ඒම සංගමයේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව පවත්වාගෙන ආ සත්‍යග්‍රහයට වසරක් සම්පුර්ණවීම නිමිත්තෙන් පැවැති උද්ඝෝෂණයක් හා පා ගමනක් ආරම්භ කරමින් සභාපතිනිය ජනමාධ්‍යවේදින් හා රැස්ව සිටියවුන් හමුවේ ඒම අදහස් ප්‍රකාශ කළාය.

ඉන් පසුව ඒහි පැමිණ සිටි අතුරුදන්වූවන් හා පැහැරගැනිමට ලක්වුවන්ගේ  ඥාතීහු අතුරුදන් වූ හා පැහැරගැනිමට ලක් වූ සිය ඥාතින්ගේ ඡායාරූප  ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.