தமிழ்
English
Contact
Saturday 18th August 2018    
අවුරුදු 9කට පස්සෙ අතුරුදන්වූවන්ගේ ඥාතින්ට රජයෙන් සාකච්ඡාවක් දෙනවලු ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අවුරුදු 9කට පස්සෙ අතුරුදන්වූවන්ගේ ඥාතින්ට රජයෙන් සාකච්ඡාවක් දෙනවලු !



යුද සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් දීර්ඝ අරගලයකින් පසුව ඒ් සදහා පිහිටුවන ලද ‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය’ (OMP) පවසන්නේ උතුරු – නැගෙනහිර ප්‍රදේශවල අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ සාකච්ඡා කිරීමේ කටයුතු අද (12) සිට ආරම්භ කරන බවය.

මන්නාරම ප්‍රදේශයෙන් අදාළ කටයුතු ආරම්භ කර අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම, ඔවුන් රජයෙන් අපේක්ෂා කරනු ලබන කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පවසන්නේ එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ය. ඒම කටයුතු ඉදිරියට ගෙන යාම පිණිස අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන් බදවාගැනීමේ කටයුතු තවමත් අවසන්ව නැති අතර පරිපාලන නිලධාරීන් මෙන්ම විමර්ශන නිළධාරීන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත්‍ර කැඳවීම තවමත් ඉබිගමනින් සිදුවේ.
මේ අන්දමට වසර 9ක් තිස්සේ අතුරුදන්වූවන් සදහා යුක්තිය ඉටු කරන ලෙස අතුරුදන්වූවන්ගේ ඥාතින්, විවිධ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ විදේශීය මානුෂවාදී සංවිධාන විසින් ගෙන ගිය අරගලයක ප්‍රතිඵලය වන්නේ දීර්ඝ කාලයක් ගන්නා කාර්යාල කටයුතු අාරම්භ කිරීම පමණක් බව සටහන් කරන්නට සිදුව තිබේ. 2015 ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදි දෙන ලද පොරොන්දු ඉටුකරන්නට වත්මන් හවුල් පාලනයට වසර තුනක් ඉක්ම ගිය අතර ඒයින්ද යුක්තිය ඉටු වීම සම්බන්ධ විශ්වාසයක් ජනිත කරන්නේ නැත.