தமிழ்
English
Contact
Friday 16th November 2018    
අතුරුදන් කළවුන්ගේ පවුල්වලට වහාම සහන දෙන්න - අතුරුදන්වූවන් පිළිබද අතුරු වාර්තාව ජනාධිපති අතට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අතුරුදන් කළවුන්ගේ පවුල්වලට වහාම සහන දෙන්න – අතුරුදන්වූවන් පිළිබද අතුරු වාර්තාව ජනාධිපති අතට



බලහත්කාරයෙන් අතුරුදන් කළවුන්ගේ පවුල්වලට ආර්ථික දුෂ්කරතා හමුවේ කිසිදු හව්හරණක් නැති නිසා ඔවුන්ට වහා සහන සැලසිය යුතු බව අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ අතුරු වාර්තාව ජනාධිපතිවරයාට අවධාරණය කර තිබේ.

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය විසින් පසුගිය හය මසක් තිස්සේ කළ විමර්ශනයේ ප්‍රතිපල සහිතව සකස් කළ මෙම අතුරු වාර්තාව සැප්තැම්බර් 5 වැනිදා  ජනාධිපතිවරයාට භාර දෙන ලදී. යුද සමයේත් ඉන්පසුවත් බලහත්කාරයෙන් පැහැරගෙන ගියවුන් පසුව අතුරුදන්වූ අතර යුද්ධය අවසානයේ උතුරේ මව්පියන් විසින් සන්නද්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ යැයි ආරක්ෂක අංශවල සැකයට පත්ව සිටි සිය දරුවන් යුද හමුදා කදවුරුවලට භාර දෙන ලද්දේ පුනරුත්ථාපනයට යොමු කරතැයි අපේක්ෂාවෙන් වුවද එවැනි තරුණ තරුණියන් විශාල පිරිසක්ද අතුරුදන්ව ඇති බව අනාවරණය වී ඇත. මෙම අතුරු වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි නැති නමුත් යුද්ධයෙන් පසුව වසර 9ක් බලා සිටි අතුරුදන් කළ පුද්ගලයන්ගේ ඥාතින්ට තවදුරටත් බලා සිටින්නට සිදුවීම ඛේදවාචකයකි. යුද්ධය අවසානයේ රාජපක්ෂ ආණ්ඩුව මෙවැනි අතුරුදන්වූවන් පිළිබද කිසිදු වගකීමක් භාර නොගෙන තමන් යදුධයක් කළේ ත්‍රස්තවාදින් සමග බව ප්‍රකාශ කරන ලදී. එසේම තවත් අවස්ථාවල එය මානුෂික මෙහෙයුමක් නිසා සාමාන්‍ය ජනයාට කිසිදු අනතුරක් නොවූ බව පවසමින් සත්‍ය තත්වය වසන් කරන ලදී.

2015 ආණ්ඩු බලය මාරුවන්නට පෙර වත්මන් ජනාධිපතිවරයා මෙන්ම අගමැති ඇතුළු ආණ්ඩුවේ සියලු ප්‍රධානින් ප්‍රකාශ කළේ දේශපාලන සිරකරුවන්ට හා අතුරුදන්වූවන් සම්බන්ධ යුක්තිය ඉටුකරන්න තමන් බැදී සිටින බවයි. එහෙත් වසර තුනක් ගතව ඇතත් ඔවුහු තවමත් විසදුමක් නැතිව පීඩා විදිති.