Posted on 09.04.2018 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
මියන්මාරයේ රෝහින්යා වැසියන් සංහාරයක් පිළිබද ගවේශනාත්මක තොරතුරු වාර්තාකරණයේ යෙදුණු රොයිටර් සේවයේ මාධ්‍යවේදින් දෙදෙනකු එරට විනිසුරුවරයකු ඊයේ (3) ඔවුන්ට හත් වසරක සිර දඬුවමක් නියම කරණ ලදී.
රාජ්‍ය රහස් සම්බන්ධ නීති උල්ලංඝණය කළ බවට එල්ල වූ චෝදනාවක් අනුව පැරනි යටත් විජිත සමයේ නීති අනුව යමින් මෙසේ වරදකරුවන් බවට පත්කර ඇත්තේ වා ලෝන් සහ ක්යාව් සෝ ඕ යන මාධ්‍යවේදින් දෙදෙනාය.
මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස් නිලධාරින් විසින් ඔවුන්ට ලබාදුන් ලියකියවිලි පදනම් කරගනිමින් කුමන්ත්‍රණකාරි ලෙස මෙම චෝදනා එල්ල කරණ ලද අතර මේ වනවිට පීඩාව විදදරාගත නොහැකි රොහින්යා මුස්ලිම්වරුන් ලක්ෂ 7ක් පමණ බංග්ලාදේශයට පළා ගොස් සිටී.