தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
ජනවාරියේ තීන්දු කළ ආණ්ඩුවේ නව දඩ කෙළිය ජූලි 15 සිට ක්‍රියාත්මකයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනවාරියේ තීන්දු කළ ආණ්ඩුවේ නව දඩ කෙළිය ජූලි 15 සිට ක්‍රියාත්මකයි !



රථවාහන සම්බන්ධ දඩ මුදල් යළි ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව පොලිසිය විසින් කළ නිවේදනයකින් හෙළි වේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් අදාළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල සංශෝධනය කර ඇති බවත් මෝටර් වාහන පනතට අනුව රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් පොලිසිය පවසයි. ඒ අනුව රථ වාහන වැරදි 33ක් සඳහා වු  ස්ථානීය දඩ මුදල සියයට 30ත් 50ත් අතර අගයකින් ඉහළ දමා ඇති අතර ඒම ගාස්තු සංශෝධනය මේ වසරේ ජනවාරි මස 15 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒසේම මීට පෙර අධිකරණය හමුවට පැනවූ රථ වාහන වැරදි සම්බන්ධයෙන් ද මෙහිදි නව දඩ පත්‍රිකා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙහිදී ස්ථානීයඉ දඩ මුදල් ගාස්තු සංශෝධනයට අනුව, අධික වේගයෙන් ගමන් කිරීම සඳහා වූ දඩය රුපියල් 3000ක් වන අතර මාර්ග නීති රීති කඩ කිරීමේ දඩය රුපියල් 2000ක් වී තිබේ.

පොලිස් අණ නොතකා ධාවනය කිරීම සදහා වන දඩය රුපියල් 2000ක් වන අතර මාර්ගයක වාහනයක් නවතා තැබීමේ දී පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීමේ වරදට හිමිවන දඩය ද රුපියල් 2000ක් දක්වා ඉහළ නංවා ඇත. ඒසේම උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2000ක් ද අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරිම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 1000ක් ද දක්වා වැඩිවී තිබේ. තවද යම් වාහනයකින් අධික ශබ්දය නිකුත් කිරීම, රථයක් අනවශ්‍ය ලෙස මාර්ගයක නතර කිරීම, ආරක්ෂක හිස් වැසුම් නොපැළඳීම, ආසන පටි නොපැළදීම සහ මාර්ග සංඥා වැරදි ලෙස භාවිතය යන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ නංවා ඇත.

ජූලි 15 වන දින සිට අදාළ සියලු දඩ මුදල් සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම සඳහා වන නව දඩ පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විටත් අවසන් කර  සියලු පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව පොලිස් රථ වාහන කොට්ඨාශය පවසයි.