Posted on 07.12.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් යළිත් තෙල් මිල ඉහළ දැමීම, තෙල් මත බදු ගැසීම නිසා ජනතාවට සිදුවන පීඩාව සම්බන්ධයෙන් පෙ.ස.ප. ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් පසුගිය ජූලි 11 පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්වල සම්පිණ්ඩනයක් පහත පළ වේ.
“දැන් තෙල් මිල වැඩි කිරීමේ නාටකය ඉක්මනින් අවසන් වෙයි කියලා අපි හිතුවා. පසුගියදා මධ්‍යම රාත්‍රියෙ තෙල් මිල වැඩි කළාම පහුවදා උදේ ජනාධිපතිතුමා කිව්වෙ මම නිදාගෙන හිටියෙ කියලා උදේ ආපහු මිල වැඩි කිරීම අවලංගු කළා. නමුත් මේ වතාවෙ කැබිනට් ඒකෙන් තෙල් මිල වැඩි කරන්න තීරණය කරලා. අපි දන්නෙ නෑ මේ වෙන දේවල්වල තේරුම මොකක්ද කියලා. රෑ වැඩිකළාම උදේ ආපහු අඩු කරනවා. ආපහු රෑ වැඩිකරනවා. මේ වතාවෙත් කැබිනට් ඒකෙන් තෙල් මිල වැඩි කරන තීරණය ගනිද්දි ජනාධිපතිතුමා නිදාගෙන ඉන්න ඇති. අපි හිතන විදියට ආපහු අඩුකරන්න තවම ඒතුමා අවදි වෙලා නෑ. නැත්නම් මේ වෙනකොට ඒස්ඒම්ඒස් ඒකක් ඒනවනෙ ජනාධිපතිතුමා තෙල් මිල අඩු කළා කියලා.
දැන් මේ තෙල් මිල වැඩි කිරීමට සිදුවන බවට හේතුව ලෙස කියන බොර තෙල් බැරල් ඒකක මිල වැඩි වෙලා තියෙන්නෙ — වර්ගය ඩොලර් දෙකකින්. මැයි 10 ඩොලර් 71.14ක්. ජූලි 11 වැනිදාට ඩොලර් 73.6ක් වෙනවා. නමුත් පෙට්‍රල් මිල වැඩි වෙන්නෙ ඒ්කට අනුවද? මැයි 10 මිල වැඩි කරන කොට ආණ්ඩුවේ බද්දක් ඊට ඇතුලු කළා. පෙට්‍රල් මිල රුපියල් 20කින් වැඩිකරන කොට රු 8ක් බදු ඒතන තියෙනවා. ඇත්තටම ඒ් මිල වැඩි විය යුතුව තිබුණෙ රුපියල් 12කින්. අපි ඒ් වෙලාවෙ මේ ගැන කිව්වා. පෙට්‍රල් මිල ගත්තම ඇත්තටම වැඩි වුණේ වෙළදපොළේ මිල අනුව නෙවෙයි. ආණ්ඩුව ඒ් මිල ඉහළයාම පාවිච්චි කරලා බදුදක් ගැහුවා. ඒ්කයි සිදු වුණේ. ඉතින් ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහල යනවිට ඉදිරියෙදිත් මාස දෙකෙන් දෙකට මේ විදියට වැඩිවෙන්න නියමිත බවයි මෙයින් කියන්නෙ. හැබැයි මේ විදියට මිල ඉහළ දැමීමට තවත් සම්බන්ධ දෙයක් තියෙනවා, ඒ් ඛනිජ තෙල් සංස්ථාවෙ අති විශාල ණය කන්ද. රුපියල් බිලියන 450ක මහ ණය කන්දරාවක් තියෙනවා. ඒ් ණය කන්දරාව ඇතිවෙන්න බලපාන්නෙත් තවත් රාජ්‍ය ආයතන දෙකක්. ශ්‍රි ලන්කන් ගුවන් සමාගමයි, විදුලි බල මණ්ඩලයයි ලබාගත්ත ඉන්ධනවලට ගෙවලා නැති නිසා ඒ් ආයතන දෙකම තෙල් සංස්ථාවට ණයයි. ඒ් ණය තියෙන්නෙත් ඩොලර්වලින් නිසා රුපියලේ අගය අවප්‍රමාණ වෙද්දි ඒ් ණය තතවතවත් වැඩි වෙනවා. පොලිය වැඩි වෙනවා. ඒ් නිසා තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ගෙන ගිය වැරදි ප්‍රතිපත්ති නිසා මේ ආකාරයේ අර්බුදයක් ඇති වෙලා තියෙන්නෙ. ඒ් වැරදි ප්රතිපත්තිවල වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ තෙල් පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාවට.
ඒ් නිසා මේ විදියට ලෝක වෙළදපොළේ මිල ඉහළයාම නිසා විතරක් නෙවෙයි මේ ප්රශ්නය ඒන්නෙ. අනෙක් අතට තෙල් මිල වැඩි කළාම ඒ් ප්‍රශ්නයට අමතර ප්‍රශ්න ගණනාවක් ජනතාව මතට කඩා වැටෙනවා. අනෙකුත් භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යනවා, උද්ධමනය නිසා ජනතාව තවදුරටත් පීඩාවන් රැසකට ඇද වැටෙනවා. ආණ්ඩුව මේ සියල්ල අස්සෙ ජනතාව මිරිකලා පොඩිකරලා ඉස්ම ගන්න හූරාගන්න බදු ගහනවා. ඒ් නිසා මේ බදු වැඩිවීම, ගාස්තු ඉහළ දැමීම, භාණ්ඩ මිල ඉහළ යාම සහ වැටුප් වැඩි කිරීම සම්බන්ධ ජනතාවගේ පැත්තෙන් ප්‍රතිචාරය ලෙස අරගලයක් පැන නැගිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒහෙම නැතිව මේ පාලකයන්ට අවශ්‍ය ආකාරයට අපේ ජිවිත පීඩාවට පත්කරන්න, අපගේ ජිවිත මිරිකලා යුෂ උරා බොන්න ඉඩ දිය යුතු නෑ කියන කාරණය අපි මතක් කරනවා.”