தமிழ்
English
Contact
Friday 16th November 2018    
‘නිව්යෝක් ටයිම්ස්’ පුවත ගැන ගැටලු ඇත්නම් මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර පුවත්පත අමතන්න. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘නිව්යෝක් ටයිම්ස්’ පුවත ගැන ගැටලු ඇත්නම් මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර පුවත්පත අමතන්න.



2015 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට චීනයෙන් මුදල් ලබාගත් බවට ‘නිව්යෝක් ටයිම්ස්’ කළ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ගැටලුවක්  ඇත්නම් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් අමතන්නැයි එම පුවත්පත නිවේදනයක් නිකුත් කරයි.

හිටපු ජනාධිපතිවරයා සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් ලබාගත් බවට ලිපියක් පසුගිය ජූනි 26 වැනිදා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවිය. ‌මෙම ප්‍රවෘත්තිය පළ කිරීමේදී මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයෙන් කරුණු තහවුරු කරගැනීමට ඒම ලිපිය ලියු මාධ්‍යවේදිනිය ගත් දුරකථන ඇමතුම්වලට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දීමෙන් වැලකී සිටි බවද ඒම පුවතේ සදහන් විය. කෙසේවෙතත් ඒම පුවත පළකර සතියක් යන තුරුම මහින්ද රාජපක්ෂට ඊට විධිමත් පිලිතුරක් දිය ‌නොහැකි විය. ඒසේ වුවද ආණ්ඩුව ඒම පුවතට ප්‍රචාරයක් ලබා ‌දෙමින් ‌දේශපාලන වාසි ලබාගන්නට උත්සාහ ගන්නා ලදී. ඒම ප්‍රචාරයේ  ප්‍රතිඵලයක් වශයෙන් මහින්ද රාජපක්ෂ හා සම්බන්ධතා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බවට ‘ද නිව්යෝක් ටයිම්ස්’ කර්තෘ මණ්ඩලය විසින් චෝදනා කර ඇත.

‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මෑන් විසින් නිකුත් කළ එම නිවේදනය පරිදි ලංකාවේ මාධ්‍යවේදීන්ට දැන් විපක්ෂයෙන් ද තර්ජන ඒල්ල වෙමින් පවතී.

ඒම නිවේදනයේ සාරාංශයක්-

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ‌ෙගේ අනුගාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනිදා ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර තිබේ. මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත අනුමත කළ නොහැක. මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ ලැදියාව අහිමි කිරීමටත් හේතු වනු ඇත. ශ්‍රී ලංකා බලධාරීන් අපේ පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මහින්ද රාජපක්ෂට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ඒ සම්බන්ධයෙන් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට අමතන්න”.