தமிழ்
English
Contact
Friday 24th May 2019    
මහින්දගෙ මස්සිනා බොරු කියා ශ‍්‍රීලන්කන් ගුවන්යානයක් ආපසු හරවා යවලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්දගෙ මස්සිනා බොරු කියා ශ‍්‍රීලන්කන් ගුවන්යානයක් ආපසු හරවා යවලා!



2014 ජනවාරී මස 14 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ ඇතුළු පිරිසගේ අවශ්‍යතාවට ලංකාව බලා පිටත්වී තිබුණු ශ‍්‍රීලන්කන් ගුවන්යානයක් නැවත හරවා යැවීමෙන් විශාල පාඩුවක් සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
හිටපු ශ‍්‍රීලන්කන් සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ ඇතුළු පිරිසක් ගුවන් යානයක් පැමිණෙන තුරු පැය එකාහාමාරක කාලයක් බලා සිටීමට නොහැකි නිසා මැලේසියාවේ සිට ලංකාවට පැමිණෙමින් තිබු ගුවන් යානය මෙසේ ආපසු හරවා සිංගප්පුරූවට යවා ඇත. මේ නිසා සමාගමට අධික වියදමක් දැරීමට සිදුවු බව ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ හෙළි විය. ගුවන් ගතවී පැමිණෙමින් තිබු ගුවන් යානයක් ආපසු හරවා වෙනත් ගුවන් තොටුපළකට යැවීමේ මෙම සිද්ධිය වැනි සිද්ධියක් කිසිම දිනෙක සිදුවී නොමැති බවද මෙම සිද්ධිය සිදුවු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලක කළමණාකාර ඉන්ද්‍රජිත් රණසිංහ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් වැඩිදුරටත් හෙළි කළේය.