தமிழ்
English
Contact
Monday 22nd April 2019    
විදේශ සේවයට යන ලාංකික කාන්තාවන්ට උපත්පාලන සහායක් දෙන්නෙ නෑ ! - විදේශ රැකියා නියෝජ්‍ය අැමති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදේශ සේවයට යන ලාංකික කාන්තාවන්ට උපත්පාලන සහායක් දෙන්නෙ නෑ ! – විදේශ රැකියා නියෝජ්‍ය අැමති



මැදපෙරදිග ගෘහසේවය සදහා යන කාන්තාවන්ට උපත්පාලන ද්‍රව්‍ය ලබාදෙන බවට පළ කෙරෙන වාර්තා අසත්‍ය බවද ඔවුන්ට ඒවැනි කිසිවක් ලබා ෙනාදෙන බවද විදේශ රැකියා නියෝජ්‍ය අැමති මනුෂ නානායක්කාර පවසයි.

විදේශ සේවයට යන කාන්තාවන් විශාල පිරිසක් අනාරක්ෂිත තත්වයක ජීවත්වන අතර ලිංගික අපයෝජනයට හෝ වෙනත් ලිංගික සම්බන්ධතාවලට නිරාවරණය වන නිසා මෙවැනි උපත්පාලන ද්‍රව්‍ය ලබාදීමක් සිදුවන බවට විදේශ මාධ්‍ය වාර්තා පළ විය. ඒහෙත් විදේශ රැකියා නියෝජ්‍ය අැමතිවරයා ප්‍රකාහ කරන්නේ ලංකා අාණ්ඩුව ඒවැනි කිසිදු ක්‍රමයක් අනුගමනය නොකරන බවයි. වසර ගනනාවක් තිස්සේ මෙරට සිට මැදපෙරදිග ගෘහසේවයට යන කාන්තාවන් විවිධ අාකාරයෙන් හිංසනයට ලක්වීම, මරා දැමීම සිදුවන අතර ලිංගික හිංසනය ඒහි ප්‍රධාන ලක්ෂනයකි. මෙම තත්වය නිසා ගර්භනීභාවයට පත්වන කාන්තාවන් අනාරක්ෂිත ගබ්සාවන්ට ලක්කිරීම, නිවසින් ඒළවා දැමීම, ලංකාවට පිටත්කර ඒවීම වැනි තත්වයන් හටගන්නා අතර කාන්තාවන් මෙම තත්වය නිසා විශාල අසරණභාවයකට පත් වේ. විදේශ රැකියා අමාත්‍යංශය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම තත්වය සදහා කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන අතර වගකීම්විරහිත ලෙස කටයුතු කිරීම නිසා ජනතා විරෝධයටද ලක්ව අැත.