தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
උද්ඝෝෂණ හේතුවෙන් කෝවිඩ් පැතිරුණු බවට නිල සංඛ්‍යාලේඛන කිසිවක් නෑ - නීතිපති දෙපාර්තමේන්තුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උද්ඝෝෂණ හේතුවෙන් කෝවිඩ් පැතිරුණු බවට නිල සංඛ්‍යාලේඛන කිසිවක් නෑ – නීතිපති දෙපාර්තමේන්තුව



ආණ්ඩුවේ පිළිවෙත්වලට විරෝධය පළ කරන විරෝධතා හේතුවෙන් කොරෝනා රෝග ව්‍යාප්තියක් ඇතිව තිබෙන බවට ආණ්ඩුව විසින් ප්‍රචාරයක් ගෙන යන නමුත් ඒ සම්බන්ධ නිල සංඛ්‍යාලේඛන කිසිවක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව හෙලි වූයේ අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ ප්‍රකාශයකිනි.

හෙට(16) පැවැත්වීඹට නියමිත විරෝධතාවකට වාරණයක් ඉල්ලා කොළඹ කොටුව ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකින් නිලධාරින් පැමිණ එම විරෝධතා වාරණය කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරණ ලදී. පොලිසිය වෙනුවෙන් කරුනු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත්තේ පසුගිය කලායේ විරෝධතා නිසා රට පුරා වසංගතයේ ව්‍යාප්තියක් සිදුව ඇති බවත් මේ වනවිට පාසල් ආරම්භ කර ආර්ථිකය යථා තත්වයට පත්කරගෙන යන නිසා විශාල මහජන ඒකරාශිවීම් නිසා කෝවිඩ් ව්‍යාප්තියක් ඇති විය හැකි බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ නියෝගයක් අනුව, පොලිස්පතිවරයා විසින් සියලු රැස්වීම් තහනම් කර ඇති බවද මෙම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වා ඇත.

ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මේ අවස්ථාවේ විමසා සිටියේ විරෝධතා හේතුවෙන් වසංගතය ව්‍යාප්ත වී ඇති බවට නිල සංඛ්‍යාලේඛන ඇත්ද යන්නය. පසුගිය කාලයේ කොරෝනා ව්‍යාප්තියේදී ‘අලුත් අවුරුදු පොතකුර’ වැනි හැඳින්වීම් තිබුණද ‘උද්ඝෝෂණ පොකුර’ වැනි යෙදුම් තිබුණේ නැති බවය.

අධිකරණ ශාලාවට පැමිණ සිටි පොලිස් නිලධාරින් අතර අඩියකවත් පරතරයක් නොමැති බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරයා වසංගතය වැළැක්වීමට උනන්දුවන පොලිසිය කටයුතු කරන ආකාරය නිවැරදි නොවන බව පෙන්වා දුන්නේය.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත්තේ උද්ඝෝෂණ හේතුවෙන් වසංගතය ව්‍යාප්ත වූ බවට නිල සංඛයා ලේඛන තමන් සතුව නැති බවය. කෙසේවෙතත් විශාල ජනකායක් කොළඹ නගරයට රැස්වීමෙන් වසංගතය ව්‍යාප්ත විය හැකි බව පිළිගත හැකි බවය.

මෙහිදී පොලිසිය විසින් ඉල්ලා සිටි වාරණය ලබාදීම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේපකර ඇත. කොරෝනා ව්‍යාප්තවන ආකාරයේ මහජන ඒකරාශිවීම් පාලනය කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවද පොලිසියට ඒ සම්බන්ධ පියවර ගැනීමට බලය සහිත බවද මහෙස්ත්‍රාත් අධිකරණය පෙන්වා දී ඇත.