தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
කොරෝනාවෙන් ආරාක්ෂා වීමට පහසුකම් ඉල්ලා ඇමරිකාවේ හෙද විරෝධතා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනාවෙන් ආරාක්ෂා වීමට පහසුකම් ඉල්ලා ඇමරිකාවේ හෙද විරෝධතා



ඇමරිකා එක්සත් ජනපදයේ මේවනවිට කොවිඩ් 19 අසාදිත සංඛ්‍යාව 325000ත් ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 10000 ඉක්මවා තිබේ.

නිව්යෝර්ක් නගරයට අමතරව මිචිගන්, නිව් ජර්සි, ලුසියානා, මැසචුසෙට්ස්, ඉලිනොයිස් සහ ෆ්ලොරිඩා යන සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශවීමේ හැකියාව ආණ්ඩු දුප්පත් ජනතාව වෙසෙන ප්‍රාන්ත අතර රෝගය වේගයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

මේ අතර එරට රෝහල් අධික වෛද්‍ය උපකරණ හිඟයකට සහ ආරක්‍ෂිත උපකරණ හිඟයකට මුහුණ දෙමින් සිටියි.

ඇමරිකා එක්සත් ජනපද ජාතික හෙද වෘත්තීය සමිතියට (NNU) අනුව සම්පූර්ණ ආරක්‍ෂිත ඇඳුම් කට්ටල පවතින්නේ හෙද හෙදියන් සියයට 19ට පමණි. එසේම මුඛ ආවරණ පවතින්නේ සමස්ථ හෙද හෙදියන්ගෙන් සියයට 52කට පමණක් බව පැවසේ.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ මෙන්ම අනෙකුත් ප්‍රාන්තවල හෙද හෙදියන්ද තමන්ට අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවයේ යෙදෙමින් සිටියි. නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඇතැම් රෝහල්වල හෙදියන්ට තම මුඛ ආවරණ සහ ආරක්‍ෂිත ඇඳුම් කට්ටල නැවත නැවත පවිච්චි කරන ලෙස රෝහල් බලධාරීන් පවසා තිබේ. නමුත් හෙද හෙදියන්ගේ අදහස වන්නේ එය ඔවුන්ගේ ජීවිත මෙන්ම රෝගීන්ගේ ජිවිතත් අනතුරේ හෙළන බවයි.

මේ බොහොමයක් රෝහල් පසුගිය වසරවලදී විශාල ලෙස ලාභ ලැබූ රෝහල් බවද ජාතික හෙද වෘත්තීය සමිතිය පෙන්වා දී ඇත.

එසේම Medscape නම් වෙබ් අඩවිය පෙන්වා දී ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ් 19 වෛයිරසය හේතුවෙන් වෛද්‍ය සහයකයින්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 24 දෙනෙකු මියගොස් ඇත.

නමුත් ඇමරිකාව තුළ කොපමණ සෞඛ්‍ය සේවකයන් ප්‍රමාණයකට වයිරසය ආසාදනය වී ඇතිදැයි සම්බන්ධ මෙතෙක් විදිමත් ගණන් බැලීමක් සිදුකර නැත. ප්‍රාන්ත දහයක පමණක් සිදුකරන ලද සමීක්ෂණයකින් පෙන්වා දී ඇති පරිදි සෞඛ්‍ය සේවකයන් 1119ට වයිරසය ආසාදනය වී තිබේ.

මේ අතර ට්‍රම්ප් පරිපාලනය වෛද්‍ය උපකරණ අළුතින් ලබාගැනීම සඳහා මාස දෙකකට වැඩි කාලයක් නාස්ති කර ඇති බවට වාර්තා කිහිපයකින් දැන් තහවුරු වී තිබේ. සෞඛ්‍ය සේවකයන් සහ රෝගීන් වෛද්‍ය උපකරණ නොමැතිව ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටියදී ඇමරිකානු ෆෙඩරල් ඒජන්සිය සෞඛ්‍ය සේවකයන් සඳහා අත්‍යවශ්‍ය වෙන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල , මුඛ්‍ ආවරණ සහ රෝගීන් සඳහා අවශ්‍ය වෙන ස්වසන ආධාරක ඇනවුම් කිරීම සඳහා මාර්තු මාසයේ මැද වනතුරු බලාසිටින ලදී.