தமிழ்
English
Contact
Monday 24th June 2019    
තවත් හත් දෙනෙකුට මෙෙත්‍රිගෙන් රාජ්‍ය ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තවත් හත් දෙනෙකුට මෙෙත්‍රිගෙන් රාජ්‍ය ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම්



අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.
පසුගිය පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව අාණ්ඩුවේ අර්බුදයක් අැති කරමින් අැමතිවරු 16ක් විපක්ෂයට ඒක් වීමත් සමග නව අැමතිවරු පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන ලදී. ඒයින් පසුව තවදුරටත් පුප්පාඩු වී අැති අැමති නියෝජ්‍ය අැමති ධුර අද පත් කරන්නට නියමිතය. ඒහිදී සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස ලකී ජයවර්ධනද දිවුරුම් දුන්හ.
නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන් අය මෙසේය. අජිත් මාන්නප්පෙරුම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ලෙසද අංගජන් රාමනාදන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය, කාදර් මස්තාන් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එඞ්වඞ් ගුණසේකර අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙසද නලින් බණ්ඩාර ජයමහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලෙසද දිවුරුම් දෙන ලදී.