தமிழ்
English
Contact
Thursday 21st June 2018    
ජාතිවාදී ගැටුම්වල පොලිස් ප්‍රගති වාර්තාව නිකුත් වේ - මරණ 3යි, 71ක් සැකපිට අත්අඩංගුවේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතිවාදී ගැටුම්වල පොලිස් ප්‍රගති වාර්තාව නිකුත් වේ – මරණ 3යි, 71ක් සැකපිට අත්අඩංගුවේ !



තෙල්දෙනිය ප්‍රදේශයේ රියදුරකුට පහර දී මරණීය තුවාල සිදුකළ අවස්ථාවේ සිට මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය නිසා පුද්ගලයන් තිදෙනකු මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බවත් ඒම සිදුවීම් සම්බන්ධයෙන් 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අැති බවත් පොලිසිය පවසයි.

මහනුවර, ඉලුක්තැන්න  ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගන්නා ලදී. අපරාධකාරී අරමුණක් සහිතව මෙම පෙට්‍රල් බෝම්බ ගෙනැවිත් සඟවා තබන්නට ඇතැයි කෙරේ. කවුරුන් විසින් සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත. ඊයේ පේරාදෙණිය, ප්‍රගති මාවතේ  මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක්  සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර  මේවා කවුරුන් විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්යි.

තෙල්දෙණිය, මැණික්හින්න, දිගන සහ අකුරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත්කළ වාර්තාවකට අනුව මෙම තොරතුරු අනාවරණය විය. ඒ් අනුව, මාර්තු 05 වැනිදා රාත්‍රී පල්ලේකැලේ වෙළෙඳසලක් හා නිවසක් ගිනි තබනු ලැබ එම නිවස තුල තිබී දුම අාඝ්‍රාණය වී මියගිය 26 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් සොයා ෙගන අැත. ඉන්පසුව මාර්තු 7වැනිදා පූජාපිටිය මුල්ලේගම ප්‍රචණ්ඩ මැදිහත්වීමක් කළ පිරිසක අයකු අත වූ අත්අබෝම්බයක් පිපිරීමෙන් 28 හැවිරිදි ඒම තැනැත්තා මිය ගොස් ඇත. ඒම අත්බෝම්බය පුපුරන අවස්ථාවේ තුවාල ලැබූ 11ක් රෝහල් ගත කරනු ලැබ සිටිති. මාර්තු 04 වැනිදා රාත්‍රියේ සිට මහනුවර පොලිස් කොට්ඨාසයේ නිවාස හා වෙළෙඳසල්වලට අලාභ හානි කිරීමේ සිද්ධි 45ක් වාර්තා වූ බවත්, පූජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිද්ධි 04 වාර්තා වූ බවත්, වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධි 11ක් වාර්තා වූ බවත් පොලිසිය පවසයි. ඒසේම මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් 71 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි. ඒ අතර ඇඳිරිනීතිය කඩ කළ හතර දෙනෙක් ද සිටිති.

පොලිස් ස්ථාන අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් අාකාරය – මහනුවර 8, තෙල්දෙණිය 30, මැණික්හින්න 07, කටුගස්තොට 06, වත්තේගම 06, තලාතුඔය 13, පල්ලේකැලේ 01

නිවාස හා වෙළඳසල්වලට හානි කිරීමේ සිදුවීම් – රංගල 02, කඩුගන්නාව 05, මැණික්හින්න 01, පල්ලේකැලේ 16, තෙල්දෙණිය 18, වත්තේගම 02, මහනුවර 1

පුජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිදුවීම් – කටුගස්තොට 03, පුජාපිටිය 01

වාහනවලට අලාභ හානි කිරීමේ සිදුවීම් – රංගල 03, මැණික්හින්න 01, පල්ලේකැළෙන් 05, තෙල්දෙණිය 02